බලාගාරයේ අලුත් වැඩියා කිරීමෙ කටයුතු

අපේ පරිගණක කාමරේ විදුලි බිල අඩු කරගන්නයි විදුලිය අපතේ නොයවන්නයි හිතල අරැණ සර් ගොඩක් මහන්සි වෙලා බලාගාරයක් හැදුව අපිත් ඒකට අපිට හැකි විදියට උදව් කලා දැන් ඒක හැබැයි අක්‍රිය වෙලා තිබුනේ අපි බලාගාරය ගොඩ ගන්න විවිධ දේවල් කළා ඒත් ඒ එක ක්‍රමයක්වත් සාර්ථක උන්නෑ හැබැයි අපිට උදව් කල දෙන්නෙක් හිටිය
(නොවැමිබර්) ඊයේ(26) සහ පෙරේදා(25) දවස් දෙකේම රෝහිත සර් සහ ගිහාන් අයියයි බලාගාරයේ අලුත් වැඩියා කිරීමෙ කටයුතු කලා. ඒ අය දිවා රෑ නොබලා වැස්ස ගැන හිතන්නේ නැතිව වැඩ කලා. අපිත් අපිට පුලුවන් විදියට වැඩ කලා. මමයි ඉසුරුයි සුපුනුයි අපිට පුලුවන් විදියට ඒ අයට උදව් කලා මෙ දවස්වල වැස්ස නිසා බලාගාරයේ තියෙන දියඇල්ලේ වතුරත් වැඩියි. කොහොම උනත් ගොඩාක් සතුටුයි බලාගාරය ආයේමත් වැඩකරපු එකට.මෙකට ‍ගොඩාක් මහන්සිවුනු රෝහිත සර්ටයි ගිහාන් අයියටයි ගොඩාක් පිං

Elephant

t

Pinnawela orphanage is situated northwest of the town Kegalla, halfways between the present capitol Colombo and the ancient royal residence Kandy in the hills of central Sri Lanka. It was established 1975 by the Sri Lanka Wildlife department. This 24 acres large elephant orphanage is a also breeding pace for elephants, twenty elephants were born since 1984, and it has the greatest herd of elephants in captivity in the world. The difference between the elephant orphanage in Pinnawala and Ath Athuru Sevena Transit Home at Uda Walawe is that at the Transit Home these baby elephants once cared for are released to the wilds when they reach a certain age.

History
The Pinnawela Elephant Orphanage was started in 1975 by the Department of Wildlife on a twenty five acre coconut property on the Maha Oya river at Rambukkana. The orphanage was primarily designed to afford care and protection to the many baby elephants found in the jungle without their mothers. In most of these cases the mother had either died or been killed. In some instances the baby had fallen into a pit and in others the mother had fallen in and died. Initially this orphanage was at the Wilpattu National Park, then shifted to the tourist complex at Bentota and then to the Dehiwala Zoo.From the Dehiwala Zoo it was shifted 1975 to Pinnawela. At the time it was shifted the orphanage had five baby elephants which formed its nucleus.It was hoped that this facility would attract both local and foreign visitors, the income from which would help to maintain the orphanage.

There are only a few elephant orphanages in the world. Pinnawela has now become one of the bigger orphanages
and is quite well known world wide.

In 1978 the Pinnawela Elephant Orphanage was taken over by the National Zoological Gardens from the Department of Wildlife and a captive breeding program launched in 1982. When the zoo took over there were twelve animals five of whom were babies. In time more baby elephants were added to the original herd of five. It was observed that though older females could be added it was not possible to add older males to the herd.

1997 there were 52 animals of which there 10 were babies under 3 years of age. There were five mahouts for the twelve elephants when the orphanage was taken over 1978 and now there are twenty mahouts. This number is inadequate to manage the increasing and growing number of elephants.

elephant image

a h

l n

p t

සිංහරාජ වනාන්තරය

සිංහරාජයේ ඉතිහාසය

සිංහරාජයේ හරය සොයා බැලීමට පෙර අපේ සම්ප්‍රදාය විසින් අපට උගන්වා ඇති පරිදි මුලින්ම සිංහරාජයේ ඉතිහාසය සොයා බැලිය යුතුය.ඉතිහාසය වහකදුරු සේ සළකා ඉවත දැමීමට තරම් සිති පිත් නැත්තන්ට පවා කෙතරම් අමිහිරි උවද ලජ්ජා සහගත උවද ඉතිහාසයක් ඇති බව වටහා ගැනීමට එයත් රැකුලක් වේ නම් එයම සිංයරාජ ඉතිහාසය දැක්වීමට ගන්නා උත්සහය මල් පල ගැන්වීමක් වනු නියතය. සිංහරාජයේ ඉතිහාසය පටන් ගන්නේ කවදාද කෙසෙ‍්ද යනු කිසිවෙකුටත්කිව නොහැකි තරම්ය.එහෙත් සියලු විද්වතුන්ගේ ඒකමතික තිරණයක් වන්නේ ලොව බිහිවුයේ කවදා සිටද එදා සි‍ට මිහිපිට පවතින බවයි.එනම් වර්ෂ මිලියන ගනන් ඉපැරණි ඉතිහාසයක් ඊට‍ ඇත.අබට සිංහරාජය මහත් අභිමානයක් වී ඇත්තේ ද අන් බොහෝ දෙනාට නැති දීර්ඝ ඉතිහාසයක උරුමක්කාරයන් වශයෙන් ඉතිහාසයේ අගය දන්නා නිසාය. මේ දීර්ඝ ඉතිහාසය තුල සත්තව හා ශාක පරිනාමයෙහි ආරම්භක අවධීවල ඉතිහාස කථාව සැගවී ඇතැයි සනාථ කීරිමට සිංහරාජය පිළිබද පර්යේෂණ කිරීන විද්‍යාඥයින් විසින් සාදක සොයා ගනිමින් ඇත. එසේ සොයා ගනු ලබන දීර්ඝ කාළීන ඉතිහාස කථාව අනාවරනය කිරීමට පටන් ගත් කාළයේ සිට කතාන්තරය විමසා බලන අපට සිංහරාජය ගැන නුතනයේ ඇති වී ඇති උනන්දුව හා සැලකිල්ල ඊට යොමු වුයේ කවදා සිට කෙසේද යනු අවබෝධ කොට ගත හැකි වනු ඇත.

මෙරට ඉතිහාසයේ ආදිම යුගයේ සිට ලිඛිත සාධක අධ්‍යයන කල්හි සිංහරාජ ගැන කියවෙන තැන් නොමැති තරම් ය.එහෙත් ජනතාව එවැන්නක් පිළිබද නොදැන සිටි බවක් ඉන් අදහස් නොකෙරේ .සිංහරාජය යන නම ඊට උරුම වීම පිළිබද ඇති ජන ප්‍රවාද වුවද ඒ පිළිබද ජනතාව සතු ව තිබු අවබෝධය පිළිබිඹු කරනු ඇත.1873 තරම් ඈත කාලයක සිංහරාජ වනාන්තරයේ වැවිලි කර්මාන්තයට ඇති ඉඩකඩ සොයා බැලීමට ගිය “ජෙම්ස්ගන්” නැමැති ඉංග්‍රීසි ජාතිකයා ජනතාවගෙන් අසා දැනගත් ප්‍රවාදයක් ලෙස දක්වා ඇත්තේ එක්තරා රජ කුමරියක මෙම වනාන්තරයේ ජීවත් වු සිංහරාජයෙකු හා පෙම් බැදීමෙන් ජාතියේ ආරම්භයත් මෙහි දී සිදු වු බවකි. මෙය හුදෙක් විජය පරපුරේ ආරම්භය පිළීබද කතා පුවත යලි පණ ගැන්වීමක් පමණි.එහෙත් එහි වැදගත් කම වන්නේ අදාල ප්‍රවෘත්තියට සම්බන්ධ සිංහ රාජයෙකුගේ රාජධානියක් වීමට තරම් මහානුභාව සම්පන්න තැනක් ලෙස සිංහරාජය ඔවුන් දැන සිටි බවයි.දෙවැනි ප්‍රවාදය ජේ.ඒ. විලී පෙරේරා නැමැත්තෙකු විසින් 1943 පමණ දී ජනතාවගෙන් අසා දැන ගෙන “ලොරිස්” නම් සගරාවට ලියන ලද ලිපියකින් ප්‍රචලිත වුවකි. එම ප්‍රවාදය අනුව මෙම වනාන්තරයේ මහා තෙදබල ඇති සිංහරාජයෙකු විසීය.ඌගේ ගුහාව පැවතියේ අදත් සිංහගල නමින් හදුන්වන පර්වතය මුදුනේය.මිනිසුන්ට කෙතරම් බිය ගෙන දෙන සුළු වුවාදයත් ඌගේ තෙද බල පරාක්‍රමය ගැන දත් මිනිස්සු වනාන්තරය ඇතුලට නොගියහ.එහෙත් යම් කිසි අවස්ථාවක මිනිසුන්ගේ රැකවරණයට පැමිණි යෝධයෙකු විසින් ගල් ගසා සිංහයා මරා දමන ලදී.එදා යෝධයා විසින් සිංහයා මැරීමට ගල් ගැසු ස්ථානය අදත් “යෝධ ගල්ගොඩ”නමින් හැදින්වේ.මෙම කථා පුවත් දෙකටම සිංහයෙකු මුල් වී ඇත. පසු කාලීනව ආචාර්යය පී.ඊ.පී. දැරණීයගල ශූරීන් විසින් කරන ලද ප්‍රාග්ඓතිහාසික ගවේෂණවලින් ආදි කාලයෙහි මෙය සිංහයන්ගේ වාස භුමියක් වී තිබුණ බවට මත පල කොට තිබීමෙන් නමේ ප්‍රභවය ගැන මෙන්ම මහා හිමය පිළිබද ජනතාව තුළ තිබු දැනුම ගැන ද අපට සිතා ගත හැකි වනු ඇත

.සිංහරාජය පිළිබද ඉතිහාසය විමසීමේ දී අපට හමුවන ප්‍රථම සටහන ඇත්තේ දහහතරවැනි සියවසට අයත් ඉබන් බතූතාගේ ගමන් විස්තරයේය.

01) සිංහරාජයේ වන සිවුපාවන් හා ස්වභාවික සුන්දරත්වය —>

ඊට අයිදැයි අප විසින් සැක දුරු කර ගත යුතුය. හෙළයේ අතීත පාළකයන්ගේ සිට පොදු ජනතාව දක්වා සියලු දෙනා ස්වභාවධර්මයාගේ දායාදයන් කෙතරම් ආදරයෙන් ඇල්මෙන් රැක බලා ගත්තාදැයි කිවහොත් සමහර වනාන්තර ගහ කොළ තහනම් දෑ බවට රජු විසින්ම ප්‍රකාශයට පත් කොට තිබුණු බවට ඉතිහාසයේ එයි.ඒ, ඒවායේ ආරක්ෂාව සදහාමය.1959 පළ කළ ” ලංකා ඉතිහාසය’නම් කෘතියේ සදහන් මෙම පාඨය කදිම සාක්ෂියකි.”පසුගිය වසර දෙදහසක කාළයක් තුළ වන දිවිය ආරක්ෂා කිරීමෙහි ලා අද්වීතිය ඉතිහාසයක් ලංකාවට ඇත. ක්‍රිස්තුපුර්ව තුන්වැනි සියවසයේ සිට ක්‍රි.ව.18වන සියවස දක්වාම සිහසුන අරාගත් බෞද්ධ වු පාලකයින් වනසතුන් පක්ෂීන් හා මත්ස්‍යයින් ආරක්ෂා කිරීම සිය ආගමික හා රාජකීයමය වගකීම ඉටුකිරීමක් ලෙස සැලකූ බව වංස කථා සය සෙල්ලිපි ගණනාවකම වාර්තා කොට ඇත.දොලොස්වන සියවසේදී අනුරාධපුර අවට ප්‍රදේශ හා සුවිශාල වැව් ද අභය භුමි ලෙස නම් කෙරෙණි.මේ වන දිවි සුරැකීමේ තැන කෙතරම් කාර්යක්ෂම හා යථාර්ථවාදී වුයේ ද යත් යුරෝපීයන්ගේ පැමිණිම දක්වා ම සිරිලක වන හා සත්ත්ව සම්පත වි

විනාශයට ලක් නොවීය “(History of Ceylon,p 27)මේ අනුව ආරක්ෂිත වනාන්තරය අභය භූමිය ආදියේ කිසිදු මිනිස් ක්‍රියාකාරකම් නොසිදු වු බැවින් ඉතිහාසයේ කිසිවක් සදහන් කිරීමේ අවශ්‍යතාවක් පැන නොනැගුණ බව පෙනී යා යුතුය .සිංහරාජයද එවැන්නක් නොවී යයි කාට කිව හැකිද?

ලෝක උරමයක් වු සිංහරාජය

සබරගමුව‍ට හෝ ශ්‍රී ලංකාවට හෝ පමණක් නොව සමස්ථ විශ්ව ප්‍රජාව ම ආඩම්බරයක් වන ලෝක උරුමයක් තම භුමිය තුල රැක ගැනීමට තරම් දුර්ලබ වාසනාවක් හිමිසබරගමුව සිය අනන්‍යතා සම්පතක් ලෙස සිංහරාජය සැලකීම විය යුත්තක් සිදුවිය යුතු සේම සිදුවීමකි.ඊට හේතු සාධක අපමණය.එහි යුක්ති සහගත බව

පැහැදිලිය.එසේම සිංහරාජය පිළිබද ව විද්‍යත්මකව සෞන්දර්යාත්මකව,ආශ්වාද ජනකව මෙන්ම ප්‍රේමෝන්මාදයන් එමට කතා කොටඇත.ලියා ඇත .පල කොට ඇත.විද්‍යුත් වාර්ථා නිපදවා ඇත.සම්මන්ත්‍රණ වැඩමුළු චාරිකා එමට පවත්වා ඇත.එසේ උවත් සිංහරාජය වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉටු ඇද්ද?සබරගමුවේ සම්පතක් ලෙස රටට ලොවට දායාද කරන නමුදු නා රදෙකු විසින් රකිනා මැණිකක් තරමට තබා ,උණ හපුලුවෙකු විසින් රකිනා උගේ පැටියෙකු පමණට ඇගයීමක් ,සිංහරාජය වෙනුවෙන් ඉටු කොට අද්දැයි සොයා බැලීමට කාලය කාලය එලඹී ඇත.සිංහරාජය පිළිබද මෙම ඇගයීම ඒ සදහා පෙර හුරුවක් ලෙස සලකමු.සබරගමුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ බටහිර මායිමේ මහා යෝධයෙකු සේ සිංහරාජ කදු වැටිය ප්‍රතාපවත් ලෙස නැගී සිටින්නේ සත් සමුදුරෙන් එහා සිට බටහිරින් එන සියලු ගැහැට කරදර බලපෑම් විනාශයන්ගෙන් සබරගමුව රැක ගන්නා බව නිගඩව කියාපාන්නක් මෙනි.එය නිකම්ම කදු වැටියක් නොවේ කදුවනන්තර අතර වන රාජයකි.”ශ්‍රි ලංකාවේ සියලුම වනාන්තර අතර අඩුවෙන් ම මිනිස් පහස ලබා ඇති වනාන්තරය සිංහරාජයයි.ශාක හා සත්තව පරිණාමයේ මුල්අවදිවල පටන්ම නොකඩවා නොඉදුල්ව වැඩුණු මේ වනාන්තරය සිරිලක් මාතාව සිය දු පුතුන‍ට දායාදකලා වු අගනාම දායාද අතුරින් එකකි.(කල්පනා 1987ජනවාරි පි 5)ලක් මාතාව සිය දු පුතුනට අගනාම දෑ දායාද කීරීමට සබරගමුවම තෝරාගත් සැටියක් පෙනෙන්නේ සිංහරාජයට අමතරව අනෙක් පැත්තෙන් නැගෙනහිර මායිමේ සම්බුදු සිරිපා සටහන හිස මුදුනේ තබාගත් සමනළ කදු වැටියද නිසයි.ඒ කදුවැටි දෙක අතර මැද නන් ආකරයේ මැණික් වලින් පිරුණු රත්න ආකරයකි.කදු වැටිවලින් ගලා හැලෙන මනහර දිය ඇලිය.වන ගොමුව නිවහන කොට ගත් අපටම ආවේණික සතා සිව්පාවුන්ය.ගහ කොල පැළෑටිය.ඒ අතර සම්මා සම්බුදු තෙමගුළට පුජෝපහාර සදහාම දෝ මෙහි පමණක් පිපෙන වෙසක් මල්ය.සිංහරාජය යනු මේ සියල්ල අපි වෙනුවෙන් සියලුම ලෝසත වෙනුවෙන් රැක බලා ගන්නා අසම සම ගුණයෙන් හෙබි රැකවලාය,පෝෂකයාය.සිංහරාජයේවිද්‍යාත්මක ආර්ථීක පාරසරික මෙන්ම ජාතික වැදගත්කම නිසි ලෙස අවබෝධ කොට ගැනීමට නම් එහි අන්තර්ගත ගුණාත්මක අගය හෝ ඉතිහාසය හෝ සම්පත්මය අගය හෝ ආදී වශයෙන් එක් පැතිකඩක් පමණක් ගැන දැනුවත්වී පලක් නොමැති බව අවධාරණය කළ යුතුය .එය මේ සියල්ලගෙන් සමන්විත සමස්ථයකි.එය කොටස් කල කල්හි ඒ ඒ කොටස් පමණක් නොව සමස්ථයම විනාශ වී යාම නොවැලැක්විය හැකිය . එක් එක් පැතිකඩ වෙන වෙන ම ගෙන එය අවබෝධ කොට ගැනීමද කල නොහැකිය මෑත කාලයේ සිට මෙහි ඇති ආර්ථීකමය වටිනා සම්පත් රටට ලබා දිය යුතු යයි ඝෝශා කොට පාරවල් කපා යන්ත්‍ර සුත්‍ර යොදවා මුග්ධ පිරිස් විසින් සිංයරාජයට කරන ලද විනාශය ඊට කදිම නිදසුනකි.එයින්ද පාඩම් ඉගෙන නොගෙන දැන් දැන් ‍එය පිටරටුන්ට පැවරීමට දරන උත්සහයත් ඊටත් වඩා බරපතල අපරාධයකි. ඉන්පසු වත්ත බද්ද‍ට දී ඇස්සට දත නියවාගෙන බලා සීටීමට අපට සිදුවනවා නියතය එහෙයින් එවන් මෝඩ ක්‍රියාවන් දේශපාලන ක්‍රීඩා වශයෙන් හෝ ආත්මාර්ථකාමී බඩවඩා ගැනීම් වශයෙන් හෝ මතුවට සිදු නොවීමට නම් සිංහරාජය පිළිබද සියලු පැතිකඩයන් එක පමණින් පෙන්වන දැනුම් සමස්ථ ජනතාව වෙතම ලබාදිය යුතුව ඇත.සිංහරාජය නිවර්තන සදාහරිත වැසි වනන්තරයක් Tropical Evergreen Rain Forest ලෙසින් හදුනා ගැනීමෙන් අද එය ලෝක උරුමයක් ලෙස අද්විතීය වටිනාකමකින් යුක්තයයි පිළිගැනීමට භාජනය වී ඇත.”නිවර්තන කලාප”යයි අප විශේෂ කොට හදුන්වන ප්‍රදේශ අනෙක්වායින් වෙන් වන්නේ කෙසේදැයි අවබෝධ කොට ගැනීමෙන් ඒවායේ වටිනා කම ගැන මැන ගැනීමට හැකිවනු ඇත.නිවර්තන ප්‍රදේශයක් අධික වර්ෂාව අධික උෂ්ණත්වය සහ අධික සුර්යාලෝකය නිසා අනෙක් ඒවායින් සුවිශේෂ වේ .මේ සියල්ලම වැසිවනාන්කර පෝෂණයට ඉතා හිතකර සාධක වීමයි. එහි ඇති විශේෂත්වය එවන් වනාන්තරයක දක්නට ලැබෙන් ශාක ,සත්ත්ව වශයෙන් ජීවී ලෝකය අතිශයින් විශාල හෙයින් නිවර්ථන වැසි වනාන්තර ලෝකයේ වැදගත්ම සාරවත්ම පොහොසත්මපරිසර පද්ධති වශයෙන් විශේෂ ආරක්ෂාවට සැළකිල්ලට හා පර්යේෂණයට ලක් වේ.නිවර්තන වර්ෂා වනාන්තර (Tropical Rain Forest)යන නාමය හදුන්වාදීමේ ගෞරවය හිමි ඒ.ඇස්.ඩබ්ලිව්.ස්කිම්පර් නැමැති උද්භිද විද්‍යාඥයාගේ විග්‍රහයට අනුව නිවර්ථන වැසි වනාන්තර වලට අයත් වන්නේ සදාහරිත අවම උස මීටර් 30ක් ගස් ඇති ගස් මුදුන දක්වා ඇදෙන ආරෝහක මෙන්ම අපිශාක විශේෂය

න් ගෙන් පොහොසත් වනාන්තරයන්ය.මෙහිදී සදාහරිත ලෙස සැලකෙන්නේ ශීත සෘතුවේදී හෝ‍ කොළ වැටීමක් නැති අවුරුද්ද පුරා කොළ පැහැයෙන් යුක්තව පවතින ගහ කොළ පද්ධතියයි.නිවර්තන වනාන්තර යනු ලෝකයේ විවිධ නම් වලින් හදුන්වන වනාන්තර අතුරින් එක් වනාන්තර වි‍ශේෂයකි.එය නිරක්ෂයට ආසන්නව ඊට දෙපස ඇති සුවිශේෂී

ලක්ෂණ සහිත වනාන්තර විශේෂයයි.සිංහරාජද එවැන්නකි . ලෝකයේ හැමටම එවන් උරුමයන්හිමිව නැති විට අපේ මේ දුර්ලබ සම්පත රැක ගැනීම අප සතු මහා වගකීමක් වනු ඇත.

01)සිංහරාජයේ ආවේණීක බාදුරා

02) සිංහරාජයට ආවේණික නවදගහ03) සිංහරාජයෙහි සත්තව විශේෂ

පක්ෂීන්

මල් වර්ග


සබරගමුව

සබරගමුවේ ඓතිහාසික උරුමයන්

ඇටසැකිලි කැබැල්ලක සිට මාලිගයක් හෝ මනරම් පුජනීය ස්ථානයක් දක්වා එකිනෙකට වෙනස්වන
පුරා විද්‍යාත්මක මානව විද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකමින් යුත්ස්ථාන රාශියක් සබරගමුව සතු ව
ඇත.තව දුරටත් රටේ දක්නට නැති සිංහ ව්‍යාඝ්‍ර ආදී සතුන් මෙහි ජිවත් වු බවට පුරා විද්‍යාත්මක සාක්ෂි ද තිබේ .අවුරුදු තිස් දහසකට පෙරාතුව ජීවත් වු මානවයා ගැන තොරතුරැ ලැබෙන ගල්ලෙන් රාශියක්ම මෙහි ඇති අතර ඔවුන් ගේ නිර්මාන පිළිබද ව හොද උදාහරණද දක්නට හැකිය .මෙවන් වටිනා කමින් හා වැදගත් කමින් යුත් සබරගමුවේ ඓතිහාසික උරැමයන් ඔස්සේ විනිවිද දැකිය දේ බොහෝය.ලෝකයේ ප්‍රධාන ශිෂ්ථාචාර කීපය හැරුණු කොට අන් බොහෝ යුරෝපීය රටවල් “LONG LONG AGO” යි සදහන් කරන්නේ අවුරුදු දෙතුන් සීයක අතීතයක් ඇති ජනප්‍රවාද පිලිබදවයි. එනමුත් සබරගමුවේ අලට බුදුන් වහන්සේ වැඩි බවට ඈත අතීත කතා ඇත කුවේණි රැජිනියගේ දරැවන් හා සමිබන්ධ රාජ්‍ය.වර්ෂ පුර්ව . යුගයේ තොරතුරු ඇත දන්ත ධාතුව පැමීණිම පිළිබද ව අගනා සාක්ෂි හා පුරාවෘතද ඇත.සබරගමුවේ ඓතිහාසික ස්ථානවල වලින් මුල් තැන ආගමික සිද්ධස්ථාන වලට ලැබිය යුතුමය අදින් වසර දෙදහස් පන්සීය පනහකට ප්‍රථම බුදුන් වැඩි සමනොළ පව්වට අප අවධානය මුලින්ම යොමු වීම නොවැළැක්විය හැක්කකි එතැන් පටන් භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා වැඩ සිටි ගල්ලෙන් හා ඒවා සම්බන්ධ වෙහෙර විහාර රත්නපුර කල්තොට ප්‍රදේශයේ සිට කෑගල්ලේ පහළ කඩුගන්නාව ප්‍රදේශය දක්වා ක්‍රමයෙන් වර්ධනය වු අන්දම වටහා ගත හැකිය.එම ස්ථාන අලවතුරේ ගනේගොඩ කුඩා ගල්ලෙන් විහාරයක පටන් කොට්ටිඹුල්වල හෝ යටිමල්කඩුව විහාර වැනි මහේශාක්‍ය ස්ථාන දක්වා උදාරත්වයෙන් පුළුල් වෙයි.බෞද්ධ වෙහෙර විහාර වලට අයත්ව අඩි තුන හතරේ තරමේ උසකින් ද අඩි දහයක පමණ වට ප්‍රමානයෙන් ද යුක්ත වු ඒවායේ සිට දැදිගම කොට වෙහෙර වැනි අඩි සිය ගණනක වට ප්‍රමාණය දක්වා වැටෙන දාගැබ් රාශියක් සබරගමුව පුරා පැතිර පවති.ඉහත කී කුඩා ම ස්ථුපයන් දක්නට ලැබෙනුයේ ලෙන් විහාර තුලය.ලෙනෙහි එක් පසකින් හිදි හෝ හිටි පිළිමයක් ද අනෙක් පසින් මෙකී කුඩා ස්ථුපයක්ද දක්නට තීබීම දකුණු ඉන්දියාවේ චෛත්‍ය ශාලා ක්‍රමයට හුරැ වුවක් යැයි සිතිම සාවද්‍යම නොවේ .නියමාකාර පුරාවිද්‍යාත්මක ගවේෂණයන්ට ලක්කර නොතීබීම නිසා මේ චෙත්‍යයන්හි කාල සීමාව පැහැදිලිවම කිව නොහැකි වුවත් සමහර ලෙන්වල ඇති බ්‍රාහ්මීය අක්ෂර රාජ්‍ය වර්ෂ මුල් යුගයන්ට වැටෙන නිසා ඒවාට ද ඊට කිට්ටු කාලසීමාවක් දීම සාධාරණය.ටැම්පිට විහාර බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයට සතර කෝරළය පැබුණු දායාදයක් ලෙස සැලකිය හැකිය ගලින් තැනුණු වේදිකාවක් මත ගල් ටැම් හෝ ගල් කුට්ටි සමාන්තර ව පිහිටුවා ඒ මත දැවයෙන් තනන විසල් රාමුවක් මත මේ දර්ශනීය බුදු මැදුරු තැනිණී . මේ සියල්ල අවුරුදු දෙදහස් තුන් සීයක් තිස්සේ ඉදිවු ඒවා වන අතර ඒවා සබරගමු පළාත පුරාම දක්නට තීබීම නිසා සබරගමුවේ ඉපැරණි ජනාවාස රටාව ආගමික ව්‍යාප්තිය කලාශිල්ප දියුණූව ඇතුළු කරුණු ගණනාවක් අපට කියා පායි.සබරගමු දේවාලයන්ට හිමිවන්නේ ද අද්වීතීය ස්ථානයකි.

අළුත් නුවර දැඩිමුන්ඩ දේවාලය


සබරගමුවට නම දුන් මැණික්


දුර අතීතයේ පටන් ලංකාව මැණික් පිළිබදව ප්‍රසිද්ධියක් උසුලයි.මහාවංශයේ සදහන් පරිදි රාජ්‍ය වර්ෂ පුර්ව දී බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළේ චුලෝදර මහෝදර නම් වු නාග ග්‍රෝත්‍රික සොහොයුරන් දෙදෙනෙකු අතර මැණික් එබ්බ වු සිංහාසනයක් අරභයා හටගත් ආරවුලක් විසදීමටයි .පසු කාලයේදී මෙරට සංචාරය කළ ප්‍රසද්ධ පුද්ගලයින්ගේ චාරිකා වාර්තා වල ලංකාවේදී ඔවුන් දුටු අගනා රතු නිල් පසිංගල් සහ මුතු කැය ගැන සදහන් වේ අරාබි නිසොල්ලාසයේ “සින්බෑඩ්” නැමැති නාවිකයාගේ චාරිකා වෘතාන්ත වල මැණික් බහුලව ලැබෙන ප්‍රදේශයක් වශයෙන් දැක්වෙන”සෙරන්ඩිබ්”දිවයින ලංකාව බව විද්වත් මතයයි.මේ සියලු ම මැණික් රත්නපුරය කේන්ද්‍ර කොට සබරගමු පළාතෙන් පිට මැණික් ගැරිම් කෙරුණේ ඉතා සුළුවෙනි.රත්නපුර කෙන්ද්‍ර කොට ගත් සබරගමු පළාත මැණික් පිළිබද ව මේ තරම් ප්‍රසිද්ධ වීමට හේතුව සොයා බැලීම වටී.ලංකාවේ භුමියෙන් 90%ක් පමණ ප්‍රාග් කේම්බ්‍රියන යුගයට අයත් පාෂාණ වලින් යුක්ත වන අතර එය ප්‍රධාන කොටස් තුනකට වෙන් කර හදුනා ගැනේ .ඒවා නම් වන්නි සන්කිර්ණය ,හයිලන්ඩ් /නිරිතදිග සංකීර්ණය සය විජයන් සංකීර්ණයයි.හයිලන්ඩ් නිරිත දිග සංකිර්ණමේවායින් ප්‍රධාන තැන ගන්නා අගර එයට මධ්‍යම කදුකරය අයත් වේ .මෙම සංකිර්ණයේ පාෂාණ බිහි වී ඇත්තේ කලින් එහි නිම්නයක තිබු අවසාදිත පාෂාණ අධික පීඩනයටත් උෂ්ණත්වයටත් භාජනයවීම නිසා විපරිත පාෂාණ බවට පත්වීමෙනි.එකී අධික පීඩනය නිසාම නිම්නය කදුවැටි බවට පත් වී ඇති අතර අධික පීඩනයත් උෂ්ණත්‍වයත් නිසා මැණික් ඛනිජ බිහි වී ඇත.එම නිසාය මුලික මැණික් නිධි මෙම සංකීර්යේ වඩාත් ම ප්‍රචලිත ව ඇත්තේ .ලංකාවේ ගංගා වලින් වැඩි ගණනක් මධ්‍යම කදුකරයේන් ආරම්භවන අතර කදුකරයට පතිත වන අධික වර්ෂාව මෙම ගංගා මගින් පහත බිම්වලට ගලා යාම නිසා ගංගා නිම්න ඇති විය.මුලින් කී ප්‍රාග්කේම්බ්‍රියන පාෂණ ස්වාභාවික ගංගා නිම්න 103කින් යට වීඇත. මෙම ගංගා වලින් වැඩි ප්‍රමාණයක් බටහිර දකුණු සහ ගිණිකොණ දිසා වලට ගලා බසින බැවින් විඛාදනය වු පාෂාණවලින් ගිලිහුණු මැණික් මෙම නිම්නවල තැන්පත් වී ඇත . එම නිසාත් කළු කැළණි වළවේයන ගංගා ආශ්‍රිත නිම්න වල වැඩියෙන් මැනික් ඇත.මහවැලි ගග ආශ්‍රිත නිම්න වලද මැණික් නැතුවා නොවේ.එනම් මාතලේ ඇලහැර සහ බකමුණ ආදී ප්‍රදේශ මෙසේ මහවැලි ගගෙන් පෝෂිත නිම්නයන්ය.සබරගමුව පුදේශයෙන් හමු වු බවට විශ්වාශ කරන ලෝක ප්‍රසිද්ධ මැණීක් කිහිපයක් හා ඒවා තබා
ඇති තැන් පහත දැකිවේ.
01)Star of


සබරගමුවේ නිජබිම කොටගත් වෙසක් මල


රත්නපුර දිස්ත්‍රික්කයේ තෙත් වැසි වනාන්තරවල තුරු මුදුන් සිසාරා අපි ශාකයක් ලෙස දක්නට ලැබෙන සුවිශේෂී මනස්කාන්ත පුෂ්පයක් වේ.’වෙසක් මල’ නමින් අප දන්නා මෙහි විද්‍යාත්මක නාමය (DendroBium maccatieas)වේ.උඩවැඩියා විශේෂයක් වු එය රාජ්‍ය වර්ෂ 1864 දී ‍මෙරට සිටි ප්‍රාදේශිය‍ ලේකම්වරයෙකු වු මැකාති මහතාගේ බිරිදගේ නමින් හදුන්වන ලද බව කියැවේ.රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සිංහරාජය,සිරිපා අඩවිය ආදී තෙත් වැසි වනාන්තර සුලබ ව දක්නට ලැබුණු මෙම ශාඛය ,එම දිස්ත්‍රික්කය පුරා ගෙවතු වලද වතුවලද ගස් කොළන් ආශ්‍රයේ ද මනාව වැඩුණු බව ප්‍රචලිතය.

01)උද්භිද විද්‍යාත්මක පසුබිම‍
මෙහි උද්භිද විද්‍යාත්මක නාමය ඩෙන්ඩ්‍රෝබියුම් මැකාති නම් වේ.(Dendrobium maccatieas)මෙය ඒක බීජ පත්‍ර ශාකයක් වන අතර මුදුන් මුලක් නැත.ඕකිඩාසේ කුලයට අයත් මෙය අපිශාකයක් ලෙස වැවේ. මුල් දෙවර්ගයක් ඇත.
01)ධාරකයට සවි කර ගෙන සිටින ආලග්න මුල්
02)කදෙහි හටගන්නා වාතයේ එල්ලෙන වායුව මුල්
ආලග්න මුල් බොහෝ විට බිස්සක් ලෙස වැඩෙන නිසා හ්වා අතර දුවිලි දිරා යන පත්‍ර ආදිය එකතු වී කෘතිම පසක් පිළීයෙල වේ. වර්ෂාව ඇති විට ලැබෙන ජලය මෙම කෘතිම පසට උරා ගැනීම සිදුවේ.වායුව මුල් සුදට හුරු කොළ පැහැයක් පෙන්වයි.මේවායේ පිටතින්ම පිහිටා ඇති තත්වය නම් පටකය මගින් වාතයේ ඇති ජල වාෂ්ප සහ වර්ෂාවෙන් ලැබෙන ජලය උරා ගනු ලැබීමය.ජලය උරා ගත් පසු ඒවා තද කොළ පැහැයක් ගනී.ජලය නොලැබෙන කාලවලදී මෙම අපිශාකය තරමක් දුරට ශුෂ්කරෑපී ලක්ෂණ පෙන්වයි.පත්‍ර මාංශලය 4cm-8cm පමණ දික්වේ.ඝනය තද උච්චර්මයක් ඇතිවා පමණක් නොව පුටිකා පිහිටන්නේ ද ස්වල්ප වශයෙනි‍.ඒවා ගිලුන පුටිකා වේ.පුෂ්ප ලා දම් පැහැයක් ගනී.පුෂ්ප මංජරියක් දක්නට ලැබෙන අතර ඒවායේ10-50ක් අතර සංඛ්‍යාවක් හටගනී.මැයි සිට ජුලි කාලය තුල හට ගන්නා පුෂ්ප මසක් පමණ කාලයක් පර නොවී පවතී.පුෂ්ප දල 6කින් යුතුය.වලය2කි පිටවලයේ දල සමාන වේ .එක් පුෂ්ප පත්‍රයක් අධරිකාව බවට විකරණය වී ඇත.පුෂ්ප වල පරාගනය කෘමින් මගින් සිදු වේ.
02)දේශගුනය
මේ ශාකය සදහා උෂ්නත්වය සුර්යාලෝකය හා සාපේක්ෂ ආර්ද්‍රතාවය වැදගත් වේ.සෙ.25′-30’දිවා උෂ්ණත්වයද සෙ.15’රාත්‍රී උෂ්ණත්වය ද සුදුසුය . 70%-75% දක්වා වායුගෝලීය ආර්ද්‍රතාවයද 55%-60%අතර සුර්යාලෝකයද තිබිය යුතුය.වාර්ෂික වර්ෂාපතනය සෙ.මි.300-400 අතර තිබිය යුතුය.රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති වැසි වනාන්තර වල මේ දේශගුණික තත්වය ඇත.
03)වද වී යාමට හේතු
දශක තුනකට පමණ ඉහත රත්නපුර දිස්ත්‍රික්කයේ තිබු සියලු වනාන්තරවල මෙන්ම ගෙවතුවලද දක්නට ලැබුන මෙම උඩවැඩියා ශාකය අද ප්‍රදේශ කීපයක පමණක් දක්නට ඇත.සීඝ්‍ර ජනගහන වර්ධනය නිසා කැලෑ එළි කිරීම මෙන්ම නොයෙකුත් සංවර්ධන ක්‍රියාවලියන් නිසාද මෙම පැලෑටිය වදවී යාමේ තර්ජනයට බලපා ඇත.මෙහි වටිනා කම පිළිබද ජනතාව දැනුවත් නොවීමද තවත් කරුණකි.තත්වය මෙසේ පැවතිය හොත් නුදුරු අනාගතයේදී මෙම ශාකය මෙරටින් තුරන් වීම නොවැළැක්විය හැක.අන්තර් ජාතික ස්වාභාවික සම්පත්සංරක්ෂණ සංවිධානය(IUCN)මගින් ප්‍රකාශයට පත් කර ඇති මිහිතලයේ වදවී යාමේ තර්ජනයට මුහුණපා සිටින ජීවීන්ගේ තොරතුරු ඇතුළත් රතු දත්ත පොත(Red Data Book)මගින් මේ බව පෙන්වා දී ඇත.එහෙයින් මෙම වටිනා දුර්ලභ ශාකය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන සහ නොයෙකුත් පරිසර සන්විධාන උනන්දුවන් දැක්වියයුතු කාළය එළඔ ඇත.දැන දැන අහිමි වන බොහෝ දේ අපට ඇත. නොදැනීම අහිමි වන දේ ද අපට ඇත.අහිමි වන බව නොදැන ම අහිමි වන දේ ද අපට ඇත.ශ්‍රී ලංකාවේ කැලෑමල් සම්පතද අප නොදැනම අපට අහිමි වන එවැනි සම්පතකි.කැලෑමල් අතර රැජිනක් වැනි අපට ම ආවේනික වු ‘වෙසක් මල්’ නැමැති උඩවැඩියා විශේෂ රැක නොගතහොත් නුදුරු අනාගතයේ දී එය සබරගමුවෙන් මෙන්ම මෙරටින් ද සමුගන්නා බව ස්ථීරය. එවිට සබරගමුවට සුවිශේෂි උරුමයක් ද අහිමි වනු නියතය.

මහ සයුර

මහා සාගරය

මහා සාගරය

අප සමඟ දුක සැප බෙදා ගන්නා සොයුරියකි,
විටෙක අපට රැකවරණය ලබා දුන් මවකි,
තවත් විටෙක අප සමඟ සිනාසුනු මිතුරියකි.
ඔබේ සිනහව කිමද අද නපුරු වී රුදුරු වූයේ,
අපට දිවිය දී, දිවිය අහිමි කළේද ඔබමය.
දවසක් ඔබ අප සියලු දෙනාම සැනසුවා,
තවත් දවසක ඔබ අප සියලු දෙනාම හැඩවූවා.
එහෙත් ඔබ සමඟ අප කිසිවෙකුත් කිසිම
අමනාපයක් නොමැත.
අපට නැතුවම බැරි මිතුරෙකි, සයුර ඔබ…………

මළ මුහුද ගිලා බසියි



ජෝර්දාන‍යත් ඊශ්‍රායලයත් අතර දේශ සීමාවේ පිහිටි මළ මුහුද ඉදිරි අනාගතයේ දී ලෝක සිතියමෙන් ඉවතට යාවිද? යන සැකය දැනටමත් ඇති වී ඇත. අනික මේ තත්ත්තවය අද ඊයේ ඇති වූ තත්ත්වයක් ද නොවෙයි. මීට වසර පනහක පමණ කාලයක සිට මළ මුහුද පවතින්නේ ක්‍රමයෙන් ක්ෂය වෙන තත්ත්වයකයි. ඒ අනුව මේ වන විට මළ මුහුදේ ගැඹුර මීටර් 25 කින් පමණ අඩුවෙලා තියෙන බවට සොයාගෙන තිබෙනවා.

ඒ වගේම මේ අකාරයට මළ මුහුදේ ජල ප්‍රමාණයද සෑම වර්ෂයකටම වරක් මීටරයකින් පමණ අඩුවෙන බවටත් පරිසර වේදීහු පෙන්වා දෙනවා.

ඒ ගැන Friends of Earth and Israel යන සංවිධානයේ අධ්‍යක්ෂ ජියෝබර්ග බොම්බර්ග් මෙසේ පවසනවා. “මේ ගැන පුදුම විය යුතු නෑ.” ඔහුට අනුව මළ මුහුදට අයත් මුහුදු වෙරළ සීමාවේ සිදුරු ගණනාවක් ම දකින්නට ලැබෙනවා. එහි තේරුම මළ මුහුද ඉදිරි කාල වකවානුවකදී ගිලා බහිනවාය කියන එකයි.

මළ මුහුදේ මළගම ගැන බොහෝ විද්‍යාඥයන් තුළ ඇති වී තිබෙන්නේ කම්පාවක්. බොහෝ අය එය රැක ගැනීමට ඉදිරිපත් වන්නේ එවැනි පසුබිමක් තුළයි. එවැනි එක් යෝජනාවකට අනුව රතු මුහුදේ සිට කිලෝ මීටර් 200 ක ඇලක් කපන්නටත් එමගින් මළ මුහුදේ අඩුවෙන ජල ප්‍රමාණය රතු මුහුදෙන් ලබාගන්නටත් අදහස් පළ වී තිබෙනවා. මේ ගැන වඩාත්ම උනන්දුවෙන් කටයුතු කරන්නේ ආර්.එන්. සුචී. ඔහු ඊශ්‍රායල ජල විද්‍ය මණ්ඩලයේ අධ්‍යක්ෂවරයා යි.

මළ මුහුද මෙතෙක් කල් හදුනාගෙන සිටියේ මළ මුහුදක් විදිහට ම විතරයි. එහි ජලයේ අන්තර්ගත අධික ලවණ සාන්ද්‍රතාවය නිසා කිසිම ජීවියෙකුට මෙහි ජීවත් වීමට පුළුවන්කමක් නෑ. කොටින්ම කියනවා නම් සොයාගත් එක සුවිශේෂ බැක්ටීරියා විශේෂයක් හැරුණු කළ මෙහි කිසිදු ප්‍රාණියෙක් ජීවත් වන්නේ නෑ. ජෝර්දාන ගංගාව තවත් සුළු ගංගාවන් කීපයක් තම ගමන අවසන් කරන්නේ මළ මුහුදෙන්. මේ අතර ජෝර්දාන ගංගාව සෑම අවුරුද්දකටම වරක් පිටාර ගලන අතර එහි වෙසෙන්නා වූ මසුන් ද විශාල වශයෙන් මළ මුහුදට වැටෙනවා. නමුත් ඒ එක මත්ස්‍යයෙක්වත් ජීවත් වෙන්නේ නෑ. මිය යනවා.

මළ මුහුද (අනික් මුහුදු වලට සාපේක්ෂව) පිහිටා තිබෙන්නේ පෘථිවි තලයේ පහත්ම ස්ථානයක වීමත් එහි විශේෂත්වයක්. ඒ අනුව අනිකුත් සාගර සහ මුහුදුවල පිහිටීම්වලට අනුව බලන කළ මළ මුහුද ඒවාට වඩා අඩි 1300 ක් පහතිනු යි පිහිටා තිබෙන්නේ.

එහි අනිත් විශේෂත්වය තමයි, ජලය පිටතලා ගලා නොයෑම. සිදුවෙන්නේ වාෂ්ප වීමක් විතරයි. අනිත් අතට එහි ජලය ද සෞඛ්‍යයට අහිතරක තත්ත්වයකි පවතින්නේ. සොයාගෙන ඇති අන්දමට සාමාන්‍ය ම්ට්මමෙන් වීදුරු දෙකක් තරම් ප්‍රමාණයක් පානය කිරීමෙන් බරපතල රෝගාතුර වීමකට පත්විය හැකියි. බොහෝ විට කෙළවර මරණය ද විය හැකියි.

මුලදී අපි කිව්වා මෙතෙක් කල් මළ මුහුද හදුණාගෙන සිටියේ මළ මුහුදක් හැටියට විතරමයි කියලා. අප එසේ කිව්වේ මළ මුහුද දැන් ඩොලර් මුහුදක් බවට පත් වෙමින් තිබෙන නිසයි. මේ වන විට සොයාගෙන තිබෙනවා, මෙම ජලයේ ‍සෝඩියම් ක්ලෝරයිඩ්, සල්ෆර්, පොටෑසියම්, මැග්නීසියම් ආදී මිලෙන් ඉහළ රසායනික ද්‍රව්‍ය අන්තර්ගතයි කියලා. මෙතෙක් කාලයකට කිසිවෙක් එතරම් උනන්දුවක් නොදැක් වූ අය දැන් මළ මුහුද රැක ගැනීමට පවා ඉදිරිපත් වී සිටින්නේ ඒ නිසා බවයි දැන ගන්නට තියෙන්නේ.

ඒ අනුව ඉදිරි කාලීනව මළ මුහුද යුද්ධයක් පවා නිර්මාණය කරාවි යැයි සිතෙනවා. මෙය එක රටකට නෙවෙයි රටවල් දෙකකටම අයිති මුහුදු කලාපයක්. එයිනුත් මුහුදේ වැඩිම කොටස අයිති වෙන්නේ ජෝර්දානයටයි. ඉතිරි කොටසේ අයිතිය තමයි ඊශ්‍රායලට අයිති වෙන්නේ.

15 – වියරු වූ ගොළු මුහුද

ගොළු මුහුද අවදි වී

බිඳ දමා මුනි වත ද

ගරිල්ලා සෙබළෙකුව

රැගෙන අවි දළ රළ ද

පහර දෙයි ගම් දනව්

රූපවාහිනී නෙත් මත


මතකයක් ගෙනෙයි දුක

මතක දිවයින ගැන ද

නෑ මිතුරු සියල්ල ම

ගැන කිසිම පුවත් නැත


මතක දිවයිනට ගිය

බිරිය ගැන නැත පුවත්

දෝණියන් දෑ හඬයි

මවක් ගැන දවා සිත


ගරිල්ලා සෙබළෙකුව

රැගෙන අවි දළ රළ ද

පහර දෙයි ගම් දනව්

රූපවාහිනිය මත


මතකයක් නොවේ මෙය

හද දවන දුකක් මිස

අසරණින් අසරණ ව

සිටිය දින මා මෙතර


(2004 දෙසැම්බර් 26 දින)

ලොව දිගම මුහුදු තීරය

දුපත්ද සහිතව කැනඩා මුහුදු තීර‍ය සමකය මෙන් හය ගුණයකටත් වැඩි ප්‍රමාණයක් දිගවේ. ලොව
විශාලතම දුපත වන ග්‍රීන්ලන්තය මෙම ලැයිස්තුවට එකතු නොවන අතර එයට හේතුව වී ඇත්තේ
ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයේම කොටසක් වීමයි. කෙසේ නමුත් ග්‍රීන්ලන්තයේ මුහුදු තීරය
කිලෝමීටර් 44,087 ක් දිය වේ.
ලොව මිරිදියෙන් සියයට හැත්තෑ පහක් පමණ ග්ලැසියරවල ඇති අතර මෙම ග්ලැසිරය දිය වුවහොත්
මුහුදු ජල මට්ටම මීටර් 70කින් පමණ ඉහළ යයි.‍

ට

ට‍ෙ

ස


The History of Sigiriya

Sigiriya dates back from over 7,000 years ago, through Pre-Historic to Proto-Historic to Early Historic times, then as a rock-shelter mountain monastery from about the 3rd century BC, with caves prepared and donated by devotees to the sangha.

The garden city and the palace was built by Kasyapa 477 – 495 AD. Then after Kasyapa’s death it was a monastery complex upto about the 14th century.

The Mahavamsa, the ancient historical record of Sri Lanka, describes King Kasyapa as a parricide, who murdered his father King Dhatusena by walling him up alive and then usurping the throne which rightfully belonged to his brother Mogallana. To escape from the armies of Mogallana, Kasyapa is said to have built his palace on the summit of Sigiriya, but Mogallana finally managed to get to Kasyapa and he committed suicide.

Kat Bitha, true story of Sigiriya

However, there is also another version of the Kasyapa story, related by one of the most eminent historians of Sri Lanka, Prof. Senerat Paranavitana. He claims to have deciphered the story of Sigiry, written by a monk named Ananda in the 15th cent. AD. this work had been inscribed on stone slabs, over which later inscriptions had been written. Till to date no other epigraphist has made a serious attempt to read the interlinear inscriptions.

Sigiri frescoes

History

The Gardens

The Graffiti

The Lion Mountain

The History of Sigiriya

Sigiriya dates back from over 7,000 years ago, through Pre-Historic to Proto-Historic to Early Historic times, then as a rock-shelter mountain monastery from about the 3rd century BC, with caves prepared and donated by devotees to the sangha.

The garden city and the palace was built by Kasyapa 477 – 495 AD. Then after Kasyapa’s death it was a monastery complex upto about the 14th century.

The Mahavamsa, the ancient historical record of Sri Lanka, describes King Kasyapa as a parricide, who murdered his father King Dhatusena by walling him up alive and then usurping the throne which rightfully belonged to his brother Mogallana. To escape from the armies of Mogallana, Kasyapa is said to have built his palace on the summit of Sigiriya, but Mogallana finally managed to get to Kasyapa and he committed suicide.

Kat Bitha, true story of Sigiriya

However, there is also another version of the Kasyapa story, related by one of the most eminent historians of Sri Lanka, Prof. Senerat Paranavitana. He claims to have deciphered the story of Sigiry, written by a monk named Ananda in the 15th cent. AD. this work had been inscribed on stone slabs, over which later inscriptions had been written. Till to date no other epigraphist has made a serious attempt to read the interlinear inscriptions.

The two conflicting versions have been the basis for the historical novel Kat Bitha� by daya dissanayake, published in 1998.

Sigiriya is also the location for Arthur C Clerks �Fountains of Paradise�.
frescoes

SOUVENIRS

Recent excavations had revealed miniature terracotta figurines at Sigiriya, from the post Kasyapan period. They are works of art which are miniature reproductions of the paintings on the Sigirya rock wall. They would have been sold as souvenirs for the visitors to Sigiriya Some of them are found at the Sigiriya Museum today.

Introduction : The Lion Mountain : Sigiri Gardens : frescoes : History : Tourist Information

Kat Bitha (The Mirror Wall)
The Saadhu Testament

Tags: The History of Sigiriya
Posted in Uncategorized | Edit | Leave a Comment »

August 18, 2009 by priyanthabmv

Sigiri frescoes0yt0

History

The Gardens

The Graffiti

The Lion Mountain

The History of Sigiriya

Sigiriya dates back from over 7,000 years ago, through Pre-Historic to Proto-Historic to Early Historic times, then as a rock-shelter mountain monastery from about the 3rd century BC, with caves prepared and donated by devotees to the sangha.

The garden city and the palace was built by Kasyapa 477 – 495 AD. Then after Kasyapa’s death it was a monastery complex upto about the 14th century.

The Mahavamsa, the ancient historical record of Sri Lanka, describes King Kasyapa as a parricide, who murdered his father King Dhatusena by walling him up alive and then usurping the throne which rightfully belonged to his brother Mogallana. To escape from the armies of Mogallana, Kasyapa is said to have built his palace on the summit of Sigiriya, but Mogallana finally managed to get to Kasyapa and he committed suicide.

Kat Bitha, true story of Sigiriya

However, there is also another version of the Kasyapa story, related by one of the most eminent historians of Sri Lanka, Prof. Senerat Paranavitana. He claims to have deciphered the story of Sigiry, written by a monk named Ananda in the 15th cent. AD. this work had been inscribed on stone slabs, over which later inscriptions had been written. Till to date no other epigraphist has made a serious attempt to read the interlinear inscriptions.

The two conflicting versions have been the basis for the historical novel Kat Bitha� by daya dissanayake, published in 1998.

Sigiriya is also the location for Arthur C Clerks �Fountains of Paradise�.
frescoes

SOUVENIRS

Recent excavations had revealed miniature terracotta figurines at Sigiriya, from the post Kasyapan period. They are works of art which are miniature reproductions of the paintings on the Sigirya rock wall. They would have been sold as souvenirs for the visitors to Sigiriya Some of them are found at the Sigiriya Museum today.