අනේ දෙවියනේ මේ මිනිසුන්ට මොනව වෙලාද
09 Mar 2010
by priyanthabmv
in Uncategorized
Tags: priyanthabmv of batuwangala e-village
මටනම් හිතෙන්නෙ මේක මහ කුරිරු සමාජයක් කියල.මිනිස්සු හරි පුදුමා කාරයි.සමහර මිනිස්සු හිතන පතන විධිය පවා හරිම නරකයි.අනුන්ට කරදරයක් මිසක් උදව්වක් නම් කරන්න හිතන්නෙවත් නෑ.සමහර අයට කෙනෙක් ඉදිරියට යනව දැක්කොත් ඒක ඉවසගෙන ඉන්න බෑ. පිස්සු හැදිච්ච වගේ තමයි කටයුතු කරන්නෙ.මේ වගේ අවස්ථා වලදි සමහර මිනිස්සු ඊර්ෂයාවෙන් වෛරයෙන් පිරිල. දියුණු වෙන කෙනාගෙ ජීවිතේ ප්‍රශ්න වලින් පුරවනව.අනේ දෙවියනේ මේ මිනිසුන්ට මොනව වෙලාද.මම දෙවියන්ගෙන් ඇහුවෙ වෙන අහන්න කවුරුත් නැති නිසා.මොකද මේ ලෙඩේ හැදිච්ච අය අනිත් අයට බෝ කරනව.
මේ සමාජෙ දැන්ටත් මේවගේ අය බොහෝ දුරට ඉන්නව.මොකක් හරි බොරුවක් කියල අනෙකගෙ චරිත ඝාතනයත් ලස්සනට කරන්න පුලුවන් අය ඉන්නව.ඇයි මිනිසුන් මිනිසුන්ටම වෛර කරන්නෙ. හැම මනුස්සයෙක්ම මේ වගේ නැතුව ඇති ඒත් ලංකාව කියන්නෙ පොඩි රටක්නෙ. ඉතින් මුලු සමාජයක් විනාශ කරන එක පොඩි දෙයක්නෙ. මම නම් කියන්නෙ හැම මනුස්සයෙක්ම මිනිසාට ආදරය කළොත් මේ දේ හරියාවි. මේක බලල ඔයාලට හිතෙන දේ ලියන්න මතක්වෙලා.
Like this:
Be the first to like this post.
Previous පහන් වැටක් වෙන්න සදා මගෙ ලෝකෙට……… Next අම්මාවරුනේ….
Mar 10, 2010 @ 06:49:05
aeththa thamai .homa anaya gan hithanwanam mehema wennenane
Mar 10, 2010 @ 08:54:30
godak hodai priyantha ayye.wadagath lipiyak.I WISH YOU ALL THE BEST.
Mar 15, 2010 @ 07:44:13
godak lassanai wade priyantha samajayata hoda panividayak denawa ALL THE BEST
May 21, 2010 @ 06:54:59
සමාජයේ ජිවත් වෙන හැමෝම එක වගේ නෑනේ. අපි ඉස්සෙල්ල රටට ආදරය කරමු. පස්සෙ එකිනෙකාට ආදරය කරමු. එතකොට හැම දෙයක්ම ලස්සනට පවතීවි.