මම දැන් පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායකයෙක්
11 Mar 2010
by priyanthabmv
in Uncategorized
Tags: priyanthabmv of batuwangala e-village

මම මගේ බලාපොරොත්තු වලට ටික ටික ලං වෙනවයි කියල, අපේ පාසලේ ශිෂ්‍යනායක නිළ ලාංඡන පළන්දපු දවසෙ මට හිතුන. ඒ මොකද දන්නවද සිසු නයුදා 2010 ප්‍රධාන ශිෂ්‍යනායකයා බවට මාව තේරුනු හින්ද. මම සිසු නයු පදවිපත ලබන පස්වන වසර තමයි මේ. ගිය අවුරැද්දෙ උප ප්‍රධාන ශිෂ්‍යනායකයා වශයෙන් පාසලට සේවයක් කළා. මම හිතන්නෙ මගේ විදු මෑණියන්ට නායකත්වයක් ලබා දීමට හැකිවීම මා ලද භාග්‍යයක්. මම පාසලට යම් කිසි සේවයක් ඉටු කර එයින් ගෞරවයක් මට ලැබුණද, එයින් කොටසක් මම මගේ දෙමවි පියන්ට පුදකර සිටිනව,මම ස්තුතිවන්ත විය යුතුයි මාව බටුවංගල විදු මව්ගේ නායකයෙක් කළ විද්‍යාලයේ විදුහල්පති තුමියටයි, ගුරැ මව් පිය වරැන්ටයි. ඇත්තටම නායකත්වය කියන්නේ රන්මිණි මුතු වලින් හදපු ඔටුන්නක් නොවෙයි. රළු කටු සහිත වූවක් තමයි නායකත්වය කියන්නෙ. ඒ නිසා අපි මේක බොහොම පරිස්සමින් පළඳින්න ඕන. එදා මගේ බැජ් එක පළන්දන වෙලාවෙ මට දැනුනෙ මාර සතුටක්.
මං ඒ වෙලාවෙ අමිමයි තාත්තයි දිහා හොරහින් වගේ බැලුව ඒ දෙන්න කියා ගන්න බැරි සතුටින් මගේ දිහා බලාගෙන හිටිය. ඇත්තටම කොයි තරමි සතුටක් එදා ඒ දෙන්නට ඇති වෙන්න ඇත්ද. එදා තව ශිෂ්‍යනායකයො අලුතින් පත්වුනා ඒ අයත් මගේ යාළුවො. ගෙවුණු දවස් වල මම පාසලට කළ සේවය වගේම ඉදිරියටත් අපි වගේම මමත්, මට හැකි පමණින් පාසලට උපරිම සේවය කරනව.පාසලේ ගෞරවයත් කීර්ති නාමයත් ආරක්ෂා කරනව.ඒක තමයි මගේ අධිෂ්ඨානය.ඇත්තටම මට ගොඩාක් සතුටුයි.
මෙ තමයි මගේ බැජ් එක පළන්දපු වෙලාව. image එක පොඩිඩක් අවුල් ගණන් ගන්න එපා.

Like this:
Be the first to like this post.
Previous මට දුන්න දුක් ගින්න Next ජීවිතය නම්
Mar 15, 2010 @ 09:14:38
අපි .පන්තියම සුභ පතනවා
Mar 16, 2010 @ 02:58:27
නායකත්වය කියන්නේ එකක්.ලොක්කෙක් කියලා කියන්නේ තව කෙනෙක්.හොද නායකයෙක් වෙන්න.ප්‍රියන්තට ඒක කරන්න පුළුවන්.
Mar 17, 2010 @ 09:37:32
aaaaa dan school ekatama inna loku ayya neda?
Hondai malli apit subha patanwa