ජීවිතය නම්
15 Mar 2010
by priyanthabmv
in Uncategorized
Tags: priyanthabmv of batuwangala e-village
මලකට ඊට ආවේණික වූ අහිංසක වූ සුවඳක් තියෙනවා … ඒ සුවඳ ඇත්තට පුදුම සුවඳක්. මනස දයාබරත්වයෙන් පුරවාලන ඒ සුවඳ… මොහොතකට විඳින්න. බොහොමයක් මල්වල තියෙන සුවඳ….. චුට්ටක් මේ මල් සුවඳත් එක්ක…ජීවිතය ගැන හිතුවොත් මල් හරියට බැඳීම් මවනවා….. සමහර මිනුස්සු හරියට මල් වගෙ ලස්සනයි…..සුවඳයි… ළඟ ඉඳියදිත් සුවඳයි …ළඟ ඉන්න හැම මොහොතකම මලක් වගේ සිත පුබුදුවා ගෙනයි ඉන්නෙ…. එවන් මිනිස් සමුදාය ළඟ කරුණාව… දයාව …මෛත්‍රිය… පිරිලා.
ජීවිතයත් හරියට මල් යායක් වගේ. අපි අපේ ජීවිත වලට ළං කර ගත යුත්තේ එවන් මිනිස්සු. ඔය අතරේ වැඩකට නැති ගස් වගේ කැලෑවට වැවෙනව…කිසි පිළිවෙලක් නෑ .හරියට පිළිවෙලකට නැති ජීවිත වගේ… ඒ වගේ ජීවිතයක් හරියට වසංගත රෝගයක් වගෙයි… පරක්කු වුණත් කමක් නෑ ඔබේ ජීවිතයට… ඔබේ මල් යායට …එහෙව් වල් පැලයක් වැවිලනම් අදම ඉවත් කරන්න.
සමහර වල් පැල ගලවලා දැම්මත් මුල් ඉහිරෙනව….හරියට සමහර මිනිස්සු වගේ. එහෙම මිනිස්සු අපේ ජීවිත අසුභවාදී කරන්නට පුළුවන්. මතකයේ තබා ගන්න එයාලා ඉතුරු කරලා යන අතීතයෙන් ඔබව රිදවාවි….හඬවාවි…
එහෙත් බාධක දහසක් මැද්දේ මල් පිපෙනවා… හරියට ජීවිත වගේ. ජීවිත වලට එන බාධකත් හරියට ඒ වගේ. බාධක මැදින් දිවෙන ගංගා දිය ඇලි හරි ලස්සනයි. හරියට නිකම්ම ජය ගන්න තරඟයකට වඩා බාධක දහසක් පරාද කරලා දිනන තරඟයක් වගේ.. ජීවිතයත් හරියට තරඟයක් වගේ නේද. විටෙක මටත් හිතෙනවා…..
මල් යායක් වගේ තියෙන ජීවිත… මල්වලින් ජීවත් කරන ජීවිත…හරි ලොකු සබඳතාවයක් නේද.. ඒත් මල්වල රොන් පූජා කරල තවත් ජීවිතයක් ජීවත් කරවනවා…හරියට මිනිසෙකුගේ ලේ තවත් මනුෂ්‍යයෙකුට දෙනවා වගේ….ඒත් ඔය ජීවත් කරන ජීවිතය ඩැහැගන්න තවත් මලක් බලන් ඉන්නවා….හරියටම කිව්වොත් බාඳුරා මල වගේ….අපේ සමාජයත් එහෙමයි…කවුරු හරි කරන දෙයකින් තවත් කෙනෙක් බිල්ලට දීලා කීයක් හරි හොයන මනුෂ්‍යයෙක් වගේ.
අපේ ජීවිතයයි මලයි හරි ලෙංගතුයි නේද. සමහර මල් මල්ලෝකේ වෙනස්කම් කරනවා….හරියට අපේ අම්මා අපිව හැදුවා වගේ.මල් මියැදෙන කොට තවත් මලක් පිපෙනවා…ඔය වගේ මල්ලෝකෙත් සබඳතා ඇතිවෙනවා.. මිනිස්සුන්ගෙ ආදරය වගේ…
ඔය පිපුණු මල් කවදාක හරි පරවෙනවා.හරියට ජීවිත මියැදෙනවා වගේ.පරවෙන මල් ගැන කවුරුත් කතා කරන්නෙ නෑ.ඒත් පරවෙලා පිපුණු මලක් හමුවුණොත් ලෝකයම එදාට ඒ දේ ගැන කතා කරාවි. ඒ ඒ ස්වභාව ධර්මයේ පරවූ මලක් නැවත පිබිදීම හරි අහම්බයක් නිසා.. ජීවිතත් එහෙමයි… පිපිලා පරවුණු ජීවිත හරියට වැඩියි. පරවෙලා පිපිණු ජීවිත හරි අඩුයි. ඒත් ජීවිතයක් පරවුණාම මලක් පරවෙනවා… වගේ නෙමෙයි මලක් පරවුණාම.. තව මල් ගහේ තියෙනවා…දුකකුත් නැති තරම්.ජීවිතයක් පරවුණාම දුකට දහසක් දෙනා එක්වෙනවා.ජීවිතය වෙනුවෙන් අඬන්න ගොඩාක් දෙනා ඉන්නවා.ජීවිතේ මලගම කියන්න බැරි දුකක්….. ඒත් ඔනෑකමක් තියෙනවනම් ජීවිතේ ජය ගන්න පුළුවන්….ලෝකයේ එහෙම පිපිණු ජීවිතත් තියෙනවා. ඒවා පරවුණු මලක් යැයි කියන්නට බැරි තරම්….ලස්සනයි….. සමහර මිනිස්සු දැක්කම සමහර මිනිස්සුන්ට ඊර්ෂයායි…ඒත් අපි ඒ අයට සලකන්නෙ මල් වලින්මයි… ගල් මුල් වලින් නෙමෙයි…….
Like this:
Be the first to like this post.
Previous මම දැන් පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායකයෙක් Next සැවොම එක් වෙමු
Mar 15, 2010 @ 08:43:37
ඇත්තටම ලස්සනයි ජිවිතේ ලස්සනයි කියලා හිතනවා නම්
Mar 19, 2010 @ 08:40:56
වඩා වැදගත් වෙන්නෙ ප්‍රියන්ත ජීවිතය තේරුමි ගැනිමයි
Mar 24, 2010 @ 15:37:49
මල් කඩාගෙන පන්සල් යන කොට අමුතු ගතියක් තියෙනවා.මං එකතුයි ඒ අදහසට.