06 Apr 2010
by priyanthabmv
in Uncategorized
Tags: priyanthabmv of batuwangala e-village
අවුරුදු ඇවිල්ල කොහාට කිසිම නිදහසක් නැහැ. දැන් මේ දවස් වල මිනිස්සු මාර සතුටකින් ඉන්නෙ. සමහර ළමයි දැන්ටම කැටපොළවල් දාගෙන කැට ගහනව.
මේ අවුරුද්ද නිදහස් සාමකාමී අවුරුද්දක් කියල ඔය ගොල්ලො හැමෝම දන්නවනේද? දැන් ඉතින් කිසිම ප්‍රශ්නයක් නෑ. හැමෝටම ඕන තරම් සතුටු වෙන්න පුළුවන්. හැබැයි ඉතින් සමහර අය සතුටු වෙන්න කියල බෝතල් ගහනව. එහෙම උනොත් නම් කිසිම සතුටක් නැතිවේවි. මොකද අරක්කු බිව්වම තමන් කරන්නෙ මොනවද කියල තමන්වත් දන්නෙ නෑ. එහෙම නම් කරන්න එපා….. තමන්ගෙ ළමයින්ගෙ සතුට ගැන චුට්ටක් හිතන්න. මොකද ඒ ගොල්ලො බලාගෙන ඉන්නෙ අවුරැද්ද එන්නෙ කවදද කියල. කැට ගහන්න, අළුත් ඇදුමි ගන්න, නෑ ගමි යන්න, රතිඤ්ඤා හඬ අහන්න, ඔන්චිලි පදින්න, පුදුම ආසාවකින් ඉන්නෙ. අපිත් එහෙමයි. හැබැයි පරිස්සමින් රතිඤ්ඤා පත්තු කරන්නෙ. පොඩි අයට රතිඤ්ඤා පත්තුකරන්න දෙන්න එපා… වැඩිහිටියො ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. ඉතින් මම කාට කාටත් කියන්නෙ මේ ලැබුවා වූ අළුත් අවුරුද්ද සතුටෙන් ගත කරන්න කියල. ඔයාටත් එක්ක කියන්නෙ.
ආ ගිය අය කියපු දේවල්