19 Apr 2010
by priyanthabmv
in Uncategorized
Tags: priyanthabmv of batuwangala e-village
කොහොමද අවුරුදු හොඳයිද? දැන් සමහර අයට ඉන්න බැරුව ඇත්තෙ අවුරුදු කාල. දැන්නම් හැබැයි ටික ටික පාළුව දැනෙනව ඇති. මොකද මේ දවස් ටිකේම පාටි දාල විනෝද වුනු නිසා. මටත් එහෙමයි. මටනම් හිතෙන්නෙ මේ අවුරුද්ද හරිම වෙනස් අවුරුද්දක්. මොකද වෙන අවුරුදු වල වගේ මේ අවුරුද්දෙ ගැටුම් එහෙම අහන්න ලැබුණ ගොඩාක් අඩුයි. සාමකාමීව කවුරුත් අවුරුදු හොඳ හැටි සැමරුවා. අපේ පැත්තෙ නම් අවුරුදු උත්සව හැම තැනම. අපේ ගමෙත් එකක් තිබුන. ඒක අපේ ඇහළ අරුණ යෞවන සමාජෙන් තමා කරේ. මරේ මරු රෑ සංගීතයකුත් තිබුනා .අපි විනෝද වුනා මාර විදියට. මම අපේ උත්සවය ගැන පස්සෙ කියන්නම් අපි වගේ හැමෝම සතුටු වෙන්න ඇති නේද .හැබැයි දැන් පාළුයි නේද.
ආ ගිය අය කියපු දේවල්