කේළම හා විනාශය
29 Apr 2010 1 Comment
in Uncategorized Tags: කේළම හා විනාශය, priyanthabmv of batuwangala e-village
මම ගොඩක් දවසකින් මෙ පැත්තට ආවෙ. මට හිතුන අපේ මිනිස්සු කරන ජරා වැඩක් කියන්න. මොකක්ද දන්නවද කේළම් කීම ගැන. මටනම් මෙව ගැන මතක් වෙනකොටත් පුදුම තරහක් යන්නෙ. මටත් මේවගේ දේවල් අනන්තවත් වෙලා තියෙනව. හැබැයි අපරාදෙ කියන්න බෑ එහෙම කරන්නෙ අපිත් එක්ක එකට බත් එක කාල ඉන්න එවුන් තමා. ඔකට තමයි කියන්නෙ එකට කෑවත් බොක්ක වෙනස් කියල.
සමහර අය කේළම් කියන්නෙ ලාභ ප්‍රයොජන බලාපොරොත්තුවෙන්. එක දාගන්නත් සමහර අය කේළම් කියනව. සමහර අය ඊර්ෂ්‍යාවටත් කේළම් කියනව. ඒ කියන්නෙත් බොරු කේළම්. කියල කියල කොහොම හරි හොද යාළුවො කොටවනව.ඒක තමයි ඒ අයගෙ ජොබ් එක. ඊට පස්සෙ උන් දෙන්න තරහ වෙලා මිනී මරාගන්නව. ලස්සනට ගොඩ නගා ගත්තු පවුල් සමහර නීචයන් විනාඩියෙන් දෙකෙන් විනාශ කරල දානව. එකෙක් දියුණු වෙනකොට බලා ඉන්න බැරි එවුන් තමයි කේළම් ගොඩක් කියන්නෙ. දන්නවද සමහරු ජනප්‍රිය වෙන්නත් කේළම් කියනව. සමහරු සුහද මිතුරුකම් ඇති කරගන්න මොකක් හරි බොරුවක් කියල එකෙක් තරහ කරවනව.එදයින් පස්සෙ බුදු පිට් එක ඌනෙ. මෙහෙම බොරු කේළම් කියල මෙ ගොල්ලො බලා පොරෙත්තුවෙන්නෙ මොකක්ද මිනිස්සු ටික ටික පිරිහීමට පත් වෙන්නෙ ඇයි ඇයි තමන්ගෙ ජාතියෙ එවුන්ටම මෙහෙම කරන්නෙ. මට නම් පෙන්නන්න බැරි දෙයක් තමයි කේළම් කියන එක. තවත් දෙයක් තමයි කේළම් කියන එකා නෙමෙයි වැරැද්දට අහුවෙන්නෙ තමන්ගෙ පාඩුවෙ වැඩක් කරගෙන ඉන්න එකා තමයි ඒකටත් අහුවෙන්නෙ. මෙ සමාජෙ හරිම දරුණු සමාජයක්. මම කියන්නෙ බොරුවක්ද කියල ඔයාලත් චුට්ටක් කල්පනා කරල බලන්නකෝ…. අනේ මිනිසුනේ කේළම තමයි විනාශයට මුල. එහෙම කරන්න එපා…. එපා…. එපා…
Advertisement

Apr 29, 2010 @ 07:34:36
ඇයි කේලමි කියන අහන නිසානේ හැමදෙම වෙන්නේ. කවුරැ මොනවා කියුවත් ඇසට දකිනකම් කණට ඇහේනකම් කවුරැ මොනවා කියුවත් පිලිගන්නේ ඇයි. අපි දන්නවානමි එයාලා කේලමි කියනවා කියලා ඇයි එයාලා පිලිගන්නේ.