04 May 2010
by priyanthabmv
in Uncategorized
Tags: priyanthabmv of batuwangala e-village
මම මේ ඔයාලට කියන්න හදන්නෙ සහජ දකෂතාවයන් ගැන. හැමෝටම මොකක් හරි දකෂ තාවයක් තියෙනව. සමහරු තමන්ගෙ දක්ෂතාවය පෙන්නන්නෙ නෑ…. සමහර අය ලැජ්ජාව නිසා තමන්ගෙ හැකියාවන් පෙන්නන්නෙ නෑ.. සමහර අය හිතනව තමන්ට වැඩිය කාටවත් බෑ කියල. ඒ ගොල්ලො ලොක්කො වෙනව….
මේව මහ ගොන් වැඩ. තමන්ගෙ හැකියාවන් පෙන්නන්න ලැබෙන අවස්ථාවෙ උපරිම ප්‍රයොජන ගන්න ඕන. එතකොට තමයි තමන්ගෙ හකියාව දෙගුණ තෙගුණ වෙලා වර්ධනය වෙන්නෙ. ඔයාලට මතක නම් Little star තරගයෙන් දිනපු අර චූටි හිමාෂව. බලන්න හිමාෂගෙ හැකියාව.. එයා කිසිම ලැජ්ජාවකින් බයකින් තොරව තමන්ට හැකි උපරිමෙන් සිංදු කියනව. මාර ලස්සනයි නේද? මගේ ගාව නම් හිමාෂගෙ සිංදු CD එකකුත් තියෙනව. අරන් බලන්න. පොඩි අයට එහෙම පෙන්නන්න. මොකද සමහර අය ඒ වගේ දේවල් බලල කරන්න උත්සාහ ගන්නව. ඒකත් කොච්චර ලොකු දෙයක්ද. දෙමව්පියො එහෙම දරුවන්ට පොඩි කාලෙ සිංදුවක් එහෙම කියල දෙන්න. සමර විට එයා ලොකු වෙනකොට ගායකයෙක් වෙන්න පුළුවන්. කාට කාටත් මොකක් හරි හැකියාවක් තියෙනව. ඔය සැඟවුණු දක්ෂතාවයන් එලියට දාන්න….. එතකොට ගොඩක් දුර යන්න හැකි වෙවි. මම මේ ඔය ගොල්ලො කාටත් කියන්නෙ කොහොම හරි එදාට වඩා අද දියුණු වෙන්න බලන්න. මම කියන්නෙ සල්ලි වලින් නෙමෙයි. ඒ වත් ඕන. නැත්නම් අපිට ජීවත් වෙන්න බෑනෙ. මම කිව්වෙ යහපතක් වෙන හැම දෙයකින්ම දියුණු වෙන්න කියල.. ඔය ගොල්ලො හැමෝටම මම ජය ප්‍රාර්ථනා කරනව….
ආ ගිය අය කියපු දේවල්