දඹුලු ලෙන් විහාරය

50දඹුලු ලෙන් විහාරයේ වැඩ වසන හිඳි බුදු පිළිම වහන්සේ

දඹුල්ල ලෙන් විහාරය (දඹුල්ල රන් විහාරය ලෙසද හැඳින්වේ), ශ්‍රී ලංකාවේ මධ්‍යම පෙදෙසෙහි පිහිටා ඇති, ලෝක උරුම අඩවියකි (1991). මෙම අඩවිය කොළඹට කි.මී 148ක් ඊසාන දෙසින් හා මහනුවරට කී.මී 72ක් උතුරු දෙසින්, පිහිටා ඇත. මෙය ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණයයි. හාත්පස පිහිටි තැනිතලාවෙන් මතුවන ගිරිශිඛරය මී160 ක් අහස උසට පැන නගියි. මෙහි අවට ප්‍රලේඛගත ලෙන් 80 කට වැඩිගණනක් අධික ගණනක් ඇත. මේ අතුරින් පිළිම හා සිතුවම් අඩංගු ලෙන් 5ක් තුල ප්‍රධාන ආකර්ෂණ අඩංගු වී ඇත. මෙම සිතුවම් හා පිළිම බුදු රජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැඳුනු ඒවා වෙති. මුළුමනින් බුදු පිළිම වහන්සේ 153 ක්ද, ශ්‍රී ලාංකික රජවරුන් 3 දෙනෙකුගේ පිළිමද හා දේවතා සහ දේවිතාවන්ගේ පිළිම 4ක්ද මෙහි වෙති. පසුව සඳහන්වූ 4 අතර, විෂ්ණු හා ගණ දෙවි යන හින්දු දෙවිවරුන්ගේ පිළිම දෙකක් ද වෙති. බිතු සිතුවම් 2,100 මී² ක වර්ග ඵලයක් සහිත පෙදෙසක පැතිර පවතී. බිත්ති වල දක්නට ඇති සංවර්ණන අතර මාර යකු විසින් බුදු රදුන් පෙලඹවීමට ගත්තැත හා බුදු රජාණන්ගේ පළමු ධර්ම දේශනාව දැක්වේ.

දඹුල්ල ලෙන් සංකීර්ණය අසබඩ ඉබ්බන්කටුව ප්‍රදේශයෙහි වසර 2700 නට වඩා පැරැණි (ක්‍රි.පූ 700) මානව ඇටසැකිලි සහිත සුසාන භූමි සොයාගෙන ඇති බැවින්, බුදුසහම ලංකාවට අවතීර්ණ වීමට පෙරාතුව, මෙම ලෙන් සංකීර්ණ තුල, ප්‍රාග්-ඓතිහාසික ශ්‍රී ලාංකිකයන් දිවි ගෙවූ බව අනුමාන කල හැක.

ඉතිහාසය

21ක්‍රි.පූ1වනසියවස තරම් ඈත අතීතයකට හිමි කම් කියන මෙය, ශ්‍රී ලංකාවේ අතිශයින් චමත්කාරජනක ලෙන් විහාරයයි. අති විසල් පර්වත තලයකින් ආවරණයවූ ලෙන් පහ ඇතුළත වියලිව තබා ගනු රිසියෙන් ගලෙහි බිටත ඉහල මායිමෙහි කටාරම් කොටා ඇත. 1938දී මෙම ගෘහ නිර්මාණය ආරුක්කුමය කුළුණු පෙලකින් හා දෙපල වහලින් සැදි ඇතුළුවීම් දොරටු වලින් සරසන ලදි. ලෙන අභ්‍යන්තරයෙහි, සිවිලිම් (වියන) සංකීර්ණ ආගමික රටාවන් උපයෝගී කොට ගනිමින් සිත්තම් කර ඇත්තේ පර්වත ශිඛරයෙහි හැඩය හා සමෝච්චය අනුව යමිනි. මෙහි බුදු රජාණන් වහන්සේගේ සහ බෝධිසත්ත්වයන් වහන්සේලාගේ මෙන්ම බොහෝ දේවතාවුන් හා දේවතාවියන්ගේද රූප ඇත.

දඹුල්ල ලෙන් සංඝාවාසය අදටත් කෘත්‍යාත්මකව පවතින අතර, ශ්‍රී ලංකාවේ ඉතාමත් හොඳින් සංරක්ෂිත පුරාතන ප්‍රාසාදය වෙයි. මෙම සංකීර්ණය ක්‍රි.පූ 3වන හා 2වන සියවස් පමණ ඈත අතීතයෙහිදී අති දැවැන්ත හා ඉතා වැදගත් සංඝාවාසයක් ලෙස ස්ථාපනය කරන ලදි. වලගම්බාහු රජ විසින් ක්‍රි.පූ 1වන සියවසෙහිදී ලෙන් සමූහය විහාරයක් බවට පරිවර්තනය කල බව සාම්ප්‍රදායික විශ්වාසයයි. අනුරාධපුරයෙන් පිටුවහල්ව සිටි ඔහුට, වසර 15ක් තිස්සේ දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන්ගෙන් ගැලවුම සඳහා ආරක්ෂා සැපයුනේ මෙහිදීය. නැවත ඔහුගේ අගනුවර දිග්විජය කල රජතුමා, කෘතඥ ගෞරවසම්ප්‍රයුක්තව මෙහි විහාරයක් කරවීය. පසුකාලීන රජුන්ද මෙහි සංවර්ධනයට දායකව නවාංග එකතු කල අතර 11වන සියවස වන විට ලෙන් සමූහය ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයක් ව වත්මන් තත්ත්වයට පත් වුනි. නිශ්ශංක මල්ල රජ වසර 1190 දී ලෙන් හි රන් ආලේපිත කොට බුදු පිළිම වහන්සේලා 70 නමක් පමණ එකතු කලේය. 18වන සියවසෙහිදී, උඩරට රජවරුන් විසින් මෙම ලෙන් අළුත්වැඩියා කොට පින්තාරු කරවන ලදි.

ලෙන් පහ

පිළිම ගෙවල් බවට පරිවර්තනය කරන ලද ලෙන් පහකින්, විහාරය සමන්විත වේ. අනුරාධපුරය (ක්‍රි.පූ1වන සියවස සිට ක්‍රි.ව 993 දක්වා) සහ පොළොන්නරුව අවදීන්හීදී (1073 සිට 1250), මී150 උසැති පර්වතයෙහි පාදමෙහි තනවා ඇති ලෙන්, ශ්‍රී ලංකාව තුල දක්නට ලැබෙන බොහෝ ලෙන් විහාර අතුරින් අතිශය චමත්කාර ජනක වැන්නය. කිමී 19 ඔබ්බෙහි පිහිටි සීගිරිය පර්වත බලකොටුවෙහි හා, අවට තැනිතලා භූමින් හීද සිරි නරඹමින්, දඹුල්ල පර්වතයෙහි මඳ බෑවුම කරණය කිරීමෙන්, මෙයට ප්‍රවිෂ්ඨ විය හැක්කේය. ගොම්මං වේලාව එළඹෙත්ම, සියගණනින් හෙබි, වැහි ලිහිණි කඩා පනින හමුදාව ලෙන් පිවිසුම් දොරටුව වෙත සැපත් වනු දැකිය හැක. විශාලතම ලෙන නැගෙනහිර සිට බටහිරට මී52ක්ද, පිවිසුමෙහි සිට පසුපසට මී23ක්ද ලෙස විශාලත්වයක් දක්වන අතර මෙම මනස්කාන්ත ලෙන එහි මුදුන් තැනෙහිදී මී7ක් උසක් දරයි. වලගම්බා සහ නිශ්ශංකමල්ල යන රජුන්, සහ බුදුන්වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද තෙරණුවන්ට අමතරව, හින්දු දෙවිවරුන්ද මෙහි පෙන්නුම් කර ඇත.22
දේවරාජ ලෙන

පළමු ලෙන හැඳින්වෙන්නේ දේවරාජ ලෙන හෙවත්, “දිව්‍යමය රජුගේ ලෙන” ලෙසටය. සංඝාවාසය ස්ථාපනය කිරීම පිළිබඳ විස්තරයක්, පළමු-සියවස් බ්‍රාහ්මී අක්ෂර උපයෝගී කොටගෙන, පළමු ලෙනෙහි පිවිසුමට ඉහලින් කොටා දක්වා ඇත. පිහිටි ගලෙහි අඹා ඇති, මීටර-14 බුද්ධ ප්‍රතිමාව අනෙකුත් සියල්ල අභිබවමින් චිත්තාකර්ෂණීය අයුරින් ලෙන තුල වැජඹෙයි. එහි ඉතිහාසයෙහි ‍නොයෙකුත් අවදීන්හිදී, නොගිනිය හැකි වාර ගණනකදී, මෙය යළි යළිත් පින්තාරැ කොට ඇති බවත්, අවසන් පින්තාරුව බොහෝ විට 20වන සියවසෙහිදී ලබන්නට ඇති බවද පෙනේ. බුදු පිළිමවහන්සේගේ පා මුල වැඩ වසන්නේ, බුදුන් වහන්සේගේ ප්‍රියතම ශිෂ්‍ය, ආනන්ද තෙරණුවන්ය; ශීර්ෂයෙහි දක්වා ඇත්තේ, මෙම ලෙන් තැනවීමෙහිදී සිය දිව්‍යමය බල නොමසුරුව යොදවූ බවට සැලකෙන විෂ්ණු දෙවියන්ය.

මහා රජුන්ගේ ලෙන

දෙවන හා විශාලතම ලෙනෙහි, හිටි බුදු පිළිම වහන්සේලා 16 නමක් සහ හිඳි බුදු පිළිම වහන්සේලා 40 නමකට අමතරව, මල් මාලා පූජා වලින් වන්දනාකරුවන්ගේ නිරන්තර ප්‍රණාමයට බඳුන් වන සමන් හා විෂ්ණු දෙවිවරුන්ගේ පිළිමද, අවසන, ක්‍රි.පූ පළමු සියවසෙහිදී මෙම විහාරය පූජා කල වට්ටගාමණී රජුගේ හා, විහාර ප්‍රවිෂ්ඨය අබියස පිහිටුවා ඇති ශිලා ලේඛනයෙහිදී දැක්වෙන අයුරු, 12වන සියවසෙහිදී පිළිම වහන්සේලා 50 නමක් රනින් ආලේප කොට පූජා පැවැත්වූ නිශ්ශංක මල්ල රජුගේ පිළිමද පිහිටුවා ඇත. මේ අනුව යමින්, මෙම ලෙන මහාරාජ ලෙන, “මහා රජුන්ගේ ලෙන” යන නම් වලින් හැඳින්වේ. කුටියෙහි වම් පස පිහිටි ගලින් අඹා ඇති බුද්ධ ප්‍රතිමාවට පරිවාර වශයෙන්, මෛත්‍රීය බෝධිසත්ත්වයාණන් වහන්සේ සහ අවලෝකිතේශ්වර හෝ නාථ දැවමුවා පිළිම දක්නට ඇත. මෙහි දාගැබක් හා ශෛලමය පියස්සෙහි පැල්මකින්, රෝ සුවකිරීමේ බල ඇති බවට විශ්වාස කෙරෙන ජල බින්දු වස්සවන ජල බුබුලක්ද පිහිටයි. මෙම ජල බුබුලෙහි දිය, පියස්සෙහි බෑවුම ඉහළට ගමන් කර (සොබා දහමට පටහැනිව), ඉන් පසු පහළට පතිත වන බවක් බැලූ බැල්මට පෙනෙන බැව් දුටු පැරැන්නෝ එදෙසට මසුන්ගේ රූ පින්තාරු කොට එබව හුවා දක්වා ඇති බව පෙනේ. මහමායා දේවියගේ සිහිනයෙහි සිට ‘‘මාර දිව්‍ය පුත්‍රයා විසින් බුදුන් වහන්සේ පෙළඹවීමට තැත් කිරීම දක්වා බුදු සිරිතෙහි විවිධ දර්ශන, 18වන සියවස දක්වා කාල නිර්ණය කරැති සායම් සිතුවම් භාවිතා කරමින්, මනස්කාන්ත අයුරින් මුළු පියස්ස සිසාරා වර්ණවත් කර ඇති අයුරු පෙනේ. රටෙහි ඉතිහාසයෙහි වැදගත් අවස්ථා පිළිඹිබු කෙරෙන් තවද සිතුවම්ද දක්වට ඇත.23

මහා අළුත් විහාරය

තෙවන ලෙන වන, එනම් මහා අළුත් විහාරය, සමන්විත වන්නේ, බුදු දහමේ පුනරුදයකට පණ පෙවූ වකු ලෙස කීර්තියට පත්, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ (1747-1782) රාජප්‍රාප්තිය අතරතුර, එකතුවූ සිවිලිම (පියස්ස) හා මහනුවර මාදිලියට අයත් බිතු සිතුවම් වලිනි. බුද්ධ ප්‍රතිමා වහන්සේලා 50 නමට අමතරව රජුගේ පිළිමයක්ද මෙහි දක්නට ඇත.

සතරවන හා පස්වන ලෙන්

සතරවන හා පස්වන ලෙන් කුඩාය; පසු කාලයකට අයත් බවට කාල නිර්ණය කර ඇති මේවා එතරම් උසස් තත්ත්වයක් නොදරයි. පළමු හා දෙවන ලෙන් අතර පිහිටි කුඩා විෂ්ණු දේවාලයක් බොහෝ වන්දනාකරුවන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇත.

පිළිම

මේ සියළු පිළිම ගෙවල් සිසාරා, බුදු සසුන හා රටේ ඉතිහාසය පිළිඹිබු කෙරෙන පිළිම එකසිය පනහක් පමණ පිහිටුවා තිබෙනු දැකිය හැක. මෙම පිළිම හා සිතුවම් සිංහල මූර්ති ශිල්පයේ හා සිංහල කලාවේ බොහෝ යුග පරිච්ඡේද නිරූපණය කරයි. බුදු පිළිම වහන්සේලා පමණින් හා ඉරියව් අතින් විවිධාකාරය – විශාලතමය මීටර 15ක් දිගුය. එක් ලෙනක ශෛලමය පියස්ස (සිවිලම) සිසාරා බුදු සිරිත දැක්වෙන සිත්තම් 1,500 කට වඩා දක්නට ඇත.

ලෙන්හි සිතුවම් හා පිළිම25272628

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: