සබරගමුව

සබරගමුවේ ඓතිහාසික උරුමයන්

ඇටසැකිලි කැබැල්ලක සිට මාලිගයක් හෝ මනරම් පුජනීය ස්ථානයක් දක්වා එකිනෙකට වෙනස්වන
පුරා විද්‍යාත්මක මානව විද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකමින් යුත්ස්ථාන රාශියක් සබරගමුව සතු ව
ඇත.තව දුරටත් රටේ දක්නට නැති සිංහ ව්‍යාඝ්‍ර ආදී සතුන් මෙහි ජිවත් වු බවට පුරා විද්‍යාත්මක සාක්ෂි ද තිබේ .අවුරුදු තිස් දහසකට පෙරාතුව ජීවත් වු මානවයා ගැන තොරතුරැ ලැබෙන ගල්ලෙන් රාශියක්ම මෙහි ඇති අතර ඔවුන් ගේ නිර්මාන පිළිබද ව හොද උදාහරණද දක්නට හැකිය .මෙවන් වටිනා කමින් හා වැදගත් කමින් යුත් සබරගමුවේ ඓතිහාසික උරැමයන් ඔස්සේ විනිවිද දැකිය දේ බොහෝය.ලෝකයේ ප්‍රධාන ශිෂ්ථාචාර කීපය හැරුණු කොට අන් බොහෝ යුරෝපීය රටවල් “LONG LONG AGO” යි සදහන් කරන්නේ අවුරුදු දෙතුන් සීයක අතීතයක් ඇති ජනප්‍රවාද පිලිබදවයි. එනමුත් සබරගමුවේ අලට බුදුන් වහන්සේ වැඩි බවට ඈත අතීත කතා ඇත කුවේණි රැජිනියගේ දරැවන් හා සමිබන්ධ රාජ්‍ය.වර්ෂ පුර්ව . යුගයේ තොරතුරු ඇත දන්ත ධාතුව පැමීණිම පිළිබද ව අගනා සාක්ෂි හා පුරාවෘතද ඇත.සබරගමුවේ ඓතිහාසික ස්ථානවල වලින් මුල් තැන ආගමික සිද්ධස්ථාන වලට ලැබිය යුතුමය අදින් වසර දෙදහස් පන්සීය පනහකට ප්‍රථම බුදුන් වැඩි සමනොළ පව්වට අප අවධානය මුලින්ම යොමු වීම නොවැළැක්විය හැක්කකි එතැන් පටන් භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා වැඩ සිටි ගල්ලෙන් හා ඒවා සම්බන්ධ වෙහෙර විහාර රත්නපුර කල්තොට ප්‍රදේශයේ සිට කෑගල්ලේ පහළ කඩුගන්නාව ප්‍රදේශය දක්වා ක්‍රමයෙන් වර්ධනය වු අන්දම වටහා ගත හැකිය.එම ස්ථාන අලවතුරේ ගනේගොඩ කුඩා ගල්ලෙන් විහාරයක පටන් කොට්ටිඹුල්වල හෝ යටිමල්කඩුව විහාර වැනි මහේශාක්‍ය ස්ථාන දක්වා උදාරත්වයෙන් පුළුල් වෙයි.බෞද්ධ වෙහෙර විහාර වලට අයත්ව අඩි තුන හතරේ තරමේ උසකින් ද අඩි දහයක පමණ වට ප්‍රමානයෙන් ද යුක්ත වු ඒවායේ සිට දැදිගම කොට වෙහෙර වැනි අඩි සිය ගණනක වට ප්‍රමාණය දක්වා වැටෙන දාගැබ් රාශියක් සබරගමුව පුරා පැතිර පවති.ඉහත කී කුඩා ම ස්ථුපයන් දක්නට ලැබෙනුයේ ලෙන් විහාර තුලය.ලෙනෙහි එක් පසකින් හිදි හෝ හිටි පිළිමයක් ද අනෙක් පසින් මෙකී කුඩා ස්ථුපයක්ද දක්නට තීබීම දකුණු ඉන්දියාවේ චෛත්‍ය ශාලා ක්‍රමයට හුරැ වුවක් යැයි සිතිම සාවද්‍යම නොවේ .නියමාකාර පුරාවිද්‍යාත්මක ගවේෂණයන්ට ලක්කර නොතීබීම නිසා මේ චෙත්‍යයන්හි කාල සීමාව පැහැදිලිවම කිව නොහැකි වුවත් සමහර ලෙන්වල ඇති බ්‍රාහ්මීය අක්ෂර රාජ්‍ය වර්ෂ මුල් යුගයන්ට වැටෙන නිසා ඒවාට ද ඊට කිට්ටු කාලසීමාවක් දීම සාධාරණය.ටැම්පිට විහාර බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයට සතර කෝරළය පැබුණු දායාදයක් ලෙස සැලකිය හැකිය ගලින් තැනුණු වේදිකාවක් මත ගල් ටැම් හෝ ගල් කුට්ටි සමාන්තර ව පිහිටුවා ඒ මත දැවයෙන් තනන විසල් රාමුවක් මත මේ දර්ශනීය බුදු මැදුරු තැනිණී . මේ සියල්ල අවුරුදු දෙදහස් තුන් සීයක් තිස්සේ ඉදිවු ඒවා වන අතර ඒවා සබරගමු පළාත පුරාම දක්නට තීබීම නිසා සබරගමුවේ ඉපැරණි ජනාවාස රටාව ආගමික ව්‍යාප්තිය කලාශිල්ප දියුණූව ඇතුළු කරුණු ගණනාවක් අපට කියා පායි.සබරගමු දේවාලයන්ට හිමිවන්නේ ද අද්වීතීය ස්ථානයකි.

අළුත් නුවර දැඩිමුන්ඩ දේවාලය


සබරගමුවට නම දුන් මැණික්


දුර අතීතයේ පටන් ලංකාව මැණික් පිළිබදව ප්‍රසිද්ධියක් උසුලයි.මහාවංශයේ සදහන් පරිදි රාජ්‍ය වර්ෂ පුර්ව දී බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළේ චුලෝදර මහෝදර නම් වු නාග ග්‍රෝත්‍රික සොහොයුරන් දෙදෙනෙකු අතර මැණික් එබ්බ වු සිංහාසනයක් අරභයා හටගත් ආරවුලක් විසදීමටයි .පසු කාලයේදී මෙරට සංචාරය කළ ප්‍රසද්ධ පුද්ගලයින්ගේ චාරිකා වාර්තා වල ලංකාවේදී ඔවුන් දුටු අගනා රතු නිල් පසිංගල් සහ මුතු කැය ගැන සදහන් වේ අරාබි නිසොල්ලාසයේ “සින්බෑඩ්” නැමැති නාවිකයාගේ චාරිකා වෘතාන්ත වල මැණික් බහුලව ලැබෙන ප්‍රදේශයක් වශයෙන් දැක්වෙන”සෙරන්ඩිබ්”දිවයින ලංකාව බව විද්වත් මතයයි.මේ සියලු ම මැණික් රත්නපුරය කේන්ද්‍ර කොට සබරගමු පළාතෙන් පිට මැණික් ගැරිම් කෙරුණේ ඉතා සුළුවෙනි.රත්නපුර කෙන්ද්‍ර කොට ගත් සබරගමු පළාත මැණික් පිළිබද ව මේ තරම් ප්‍රසිද්ධ වීමට හේතුව සොයා බැලීම වටී.ලංකාවේ භුමියෙන් 90%ක් පමණ ප්‍රාග් කේම්බ්‍රියන යුගයට අයත් පාෂාණ වලින් යුක්ත වන අතර එය ප්‍රධාන කොටස් තුනකට වෙන් කර හදුනා ගැනේ .ඒවා නම් වන්නි සන්කිර්ණය ,හයිලන්ඩ් /නිරිතදිග සංකීර්ණය සය විජයන් සංකීර්ණයයි.හයිලන්ඩ් නිරිත දිග සංකිර්ණමේවායින් ප්‍රධාන තැන ගන්නා අගර එයට මධ්‍යම කදුකරය අයත් වේ .මෙම සංකිර්ණයේ පාෂාණ බිහි වී ඇත්තේ කලින් එහි නිම්නයක තිබු අවසාදිත පාෂාණ අධික පීඩනයටත් උෂ්ණත්වයටත් භාජනයවීම නිසා විපරිත පාෂාණ බවට පත්වීමෙනි.එකී අධික පීඩනය නිසාම නිම්නය කදුවැටි බවට පත් වී ඇති අතර අධික පීඩනයත් උෂ්ණත්‍වයත් නිසා මැණික් ඛනිජ බිහි වී ඇත.එම නිසාය මුලික මැණික් නිධි මෙම සංකීර්යේ වඩාත් ම ප්‍රචලිත ව ඇත්තේ .ලංකාවේ ගංගා වලින් වැඩි ගණනක් මධ්‍යම කදුකරයේන් ආරම්භවන අතර කදුකරයට පතිත වන අධික වර්ෂාව මෙම ගංගා මගින් පහත බිම්වලට ගලා යාම නිසා ගංගා නිම්න ඇති විය.මුලින් කී ප්‍රාග්කේම්බ්‍රියන පාෂණ ස්වාභාවික ගංගා නිම්න 103කින් යට වීඇත. මෙම ගංගා වලින් වැඩි ප්‍රමාණයක් බටහිර දකුණු සහ ගිණිකොණ දිසා වලට ගලා බසින බැවින් විඛාදනය වු පාෂාණවලින් ගිලිහුණු මැණික් මෙම නිම්නවල තැන්පත් වී ඇත . එම නිසාත් කළු කැළණි වළවේයන ගංගා ආශ්‍රිත නිම්න වල වැඩියෙන් මැනික් ඇත.මහවැලි ගග ආශ්‍රිත නිම්න වලද මැණික් නැතුවා නොවේ.එනම් මාතලේ ඇලහැර සහ බකමුණ ආදී ප්‍රදේශ මෙසේ මහවැලි ගගෙන් පෝෂිත නිම්නයන්ය.සබරගමුව පුදේශයෙන් හමු වු බවට විශ්වාශ කරන ලෝක ප්‍රසිද්ධ මැණීක් කිහිපයක් හා ඒවා තබා
ඇති තැන් පහත දැකිවේ.
01)Star of


සබරගමුවේ නිජබිම කොටගත් වෙසක් මල


රත්නපුර දිස්ත්‍රික්කයේ තෙත් වැසි වනාන්තරවල තුරු මුදුන් සිසාරා අපි ශාකයක් ලෙස දක්නට ලැබෙන සුවිශේෂී මනස්කාන්ත පුෂ්පයක් වේ.’වෙසක් මල’ නමින් අප දන්නා මෙහි විද්‍යාත්මක නාමය (DendroBium maccatieas)වේ.උඩවැඩියා විශේෂයක් වු එය රාජ්‍ය වර්ෂ 1864 දී ‍මෙරට සිටි ප්‍රාදේශිය‍ ලේකම්වරයෙකු වු මැකාති මහතාගේ බිරිදගේ නමින් හදුන්වන ලද බව කියැවේ.රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සිංහරාජය,සිරිපා අඩවිය ආදී තෙත් වැසි වනාන්තර සුලබ ව දක්නට ලැබුණු මෙම ශාඛය ,එම දිස්ත්‍රික්කය පුරා ගෙවතු වලද වතුවලද ගස් කොළන් ආශ්‍රයේ ද මනාව වැඩුණු බව ප්‍රචලිතය.

01)උද්භිද විද්‍යාත්මක පසුබිම‍
මෙහි උද්භිද විද්‍යාත්මක නාමය ඩෙන්ඩ්‍රෝබියුම් මැකාති නම් වේ.(Dendrobium maccatieas)මෙය ඒක බීජ පත්‍ර ශාකයක් වන අතර මුදුන් මුලක් නැත.ඕකිඩාසේ කුලයට අයත් මෙය අපිශාකයක් ලෙස වැවේ. මුල් දෙවර්ගයක් ඇත.
01)ධාරකයට සවි කර ගෙන සිටින ආලග්න මුල්
02)කදෙහි හටගන්නා වාතයේ එල්ලෙන වායුව මුල්
ආලග්න මුල් බොහෝ විට බිස්සක් ලෙස වැඩෙන නිසා හ්වා අතර දුවිලි දිරා යන පත්‍ර ආදිය එකතු වී කෘතිම පසක් පිළීයෙල වේ. වර්ෂාව ඇති විට ලැබෙන ජලය මෙම කෘතිම පසට උරා ගැනීම සිදුවේ.වායුව මුල් සුදට හුරු කොළ පැහැයක් පෙන්වයි.මේවායේ පිටතින්ම පිහිටා ඇති තත්වය නම් පටකය මගින් වාතයේ ඇති ජල වාෂ්ප සහ වර්ෂාවෙන් ලැබෙන ජලය උරා ගනු ලැබීමය.ජලය උරා ගත් පසු ඒවා තද කොළ පැහැයක් ගනී.ජලය නොලැබෙන කාලවලදී මෙම අපිශාකය තරමක් දුරට ශුෂ්කරෑපී ලක්ෂණ පෙන්වයි.පත්‍ර මාංශලය 4cm-8cm පමණ දික්වේ.ඝනය තද උච්චර්මයක් ඇතිවා පමණක් නොව පුටිකා පිහිටන්නේ ද ස්වල්ප වශයෙනි‍.ඒවා ගිලුන පුටිකා වේ.පුෂ්ප ලා දම් පැහැයක් ගනී.පුෂ්ප මංජරියක් දක්නට ලැබෙන අතර ඒවායේ10-50ක් අතර සංඛ්‍යාවක් හටගනී.මැයි සිට ජුලි කාලය තුල හට ගන්නා පුෂ්ප මසක් පමණ කාලයක් පර නොවී පවතී.පුෂ්ප දල 6කින් යුතුය.වලය2කි පිටවලයේ දල සමාන වේ .එක් පුෂ්ප පත්‍රයක් අධරිකාව බවට විකරණය වී ඇත.පුෂ්ප වල පරාගනය කෘමින් මගින් සිදු වේ.
02)දේශගුනය
මේ ශාකය සදහා උෂ්නත්වය සුර්යාලෝකය හා සාපේක්ෂ ආර්ද්‍රතාවය වැදගත් වේ.සෙ.25′-30’දිවා උෂ්ණත්වයද සෙ.15’රාත්‍රී උෂ්ණත්වය ද සුදුසුය . 70%-75% දක්වා වායුගෝලීය ආර්ද්‍රතාවයද 55%-60%අතර සුර්යාලෝකයද තිබිය යුතුය.වාර්ෂික වර්ෂාපතනය සෙ.මි.300-400 අතර තිබිය යුතුය.රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති වැසි වනාන්තර වල මේ දේශගුණික තත්වය ඇත.
03)වද වී යාමට හේතු
දශක තුනකට පමණ ඉහත රත්නපුර දිස්ත්‍රික්කයේ තිබු සියලු වනාන්තරවල මෙන්ම ගෙවතුවලද දක්නට ලැබුන මෙම උඩවැඩියා ශාකය අද ප්‍රදේශ කීපයක පමණක් දක්නට ඇත.සීඝ්‍ර ජනගහන වර්ධනය නිසා කැලෑ එළි කිරීම මෙන්ම නොයෙකුත් සංවර්ධන ක්‍රියාවලියන් නිසාද මෙම පැලෑටිය වදවී යාමේ තර්ජනයට බලපා ඇත.මෙහි වටිනා කම පිළිබද ජනතාව දැනුවත් නොවීමද තවත් කරුණකි.තත්වය මෙසේ පැවතිය හොත් නුදුරු අනාගතයේදී මෙම ශාකය මෙරටින් තුරන් වීම නොවැළැක්විය හැක.අන්තර් ජාතික ස්වාභාවික සම්පත්සංරක්ෂණ සංවිධානය(IUCN)මගින් ප්‍රකාශයට පත් කර ඇති මිහිතලයේ වදවී යාමේ තර්ජනයට මුහුණපා සිටින ජීවීන්ගේ තොරතුරු ඇතුළත් රතු දත්ත පොත(Red Data Book)මගින් මේ බව පෙන්වා දී ඇත.එහෙයින් මෙම වටිනා දුර්ලභ ශාකය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන සහ නොයෙකුත් පරිසර සන්විධාන උනන්දුවන් දැක්වියයුතු කාළය එළඔ ඇත.දැන දැන අහිමි වන බොහෝ දේ අපට ඇත. නොදැනීම අහිමි වන දේ ද අපට ඇත.අහිමි වන බව නොදැන ම අහිමි වන දේ ද අපට ඇත.ශ්‍රී ලංකාවේ කැලෑමල් සම්පතද අප නොදැනම අපට අහිමි වන එවැනි සම්පතකි.කැලෑමල් අතර රැජිනක් වැනි අපට ම ආවේනික වු ‘වෙසක් මල්’ නැමැති උඩවැඩියා විශේෂ රැක නොගතහොත් නුදුරු අනාගතයේ දී එය සබරගමුවෙන් මෙන්ම මෙරටින් ද සමුගන්නා බව ස්ථීරය. එවිට සබරගමුවට සුවිශේෂි උරුමයක් ද අහිමි වනු නියතය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: