සිංහරාජ වනාන්තරය

සිංහරාජයේ ඉතිහාසය

සිංහරාජයේ හරය සොයා බැලීමට පෙර අපේ සම්ප්‍රදාය විසින් අපට උගන්වා ඇති පරිදි මුලින්ම සිංහරාජයේ ඉතිහාසය සොයා බැලිය යුතුය.ඉතිහාසය වහකදුරු සේ සළකා ඉවත දැමීමට තරම් සිති පිත් නැත්තන්ට පවා කෙතරම් අමිහිරි උවද ලජ්ජා සහගත උවද ඉතිහාසයක් ඇති බව වටහා ගැනීමට එයත් රැකුලක් වේ නම් එයම සිංයරාජ ඉතිහාසය දැක්වීමට ගන්නා උත්සහය මල් පල ගැන්වීමක් වනු නියතය. සිංහරාජයේ ඉතිහාසය පටන් ගන්නේ කවදාද කෙසෙ‍්ද යනු කිසිවෙකුටත්කිව නොහැකි තරම්ය.එහෙත් සියලු විද්වතුන්ගේ ඒකමතික තිරණයක් වන්නේ ලොව බිහිවුයේ කවදා සිටද එදා සි‍ට මිහිපිට පවතින බවයි.එනම් වර්ෂ මිලියන ගනන් ඉපැරණි ඉතිහාසයක් ඊට‍ ඇත.අබට සිංහරාජය මහත් අභිමානයක් වී ඇත්තේ ද අන් බොහෝ දෙනාට නැති දීර්ඝ ඉතිහාසයක උරුමක්කාරයන් වශයෙන් ඉතිහාසයේ අගය දන්නා නිසාය. මේ දීර්ඝ ඉතිහාසය තුල සත්තව හා ශාක පරිනාමයෙහි ආරම්භක අවධීවල ඉතිහාස කථාව සැගවී ඇතැයි සනාථ කීරිමට සිංහරාජය පිළිබද පර්යේෂණ කිරීන විද්‍යාඥයින් විසින් සාදක සොයා ගනිමින් ඇත. එසේ සොයා ගනු ලබන දීර්ඝ කාළීන ඉතිහාස කථාව අනාවරනය කිරීමට පටන් ගත් කාළයේ සිට කතාන්තරය විමසා බලන අපට සිංහරාජය ගැන නුතනයේ ඇති වී ඇති උනන්දුව හා සැලකිල්ල ඊට යොමු වුයේ කවදා සිට කෙසේද යනු අවබෝධ කොට ගත හැකි වනු ඇත.

මෙරට ඉතිහාසයේ ආදිම යුගයේ සිට ලිඛිත සාධක අධ්‍යයන කල්හි සිංහරාජ ගැන කියවෙන තැන් නොමැති තරම් ය.එහෙත් ජනතාව එවැන්නක් පිළිබද නොදැන සිටි බවක් ඉන් අදහස් නොකෙරේ .සිංහරාජය යන නම ඊට උරුම වීම පිළිබද ඇති ජන ප්‍රවාද වුවද ඒ පිළිබද ජනතාව සතු ව තිබු අවබෝධය පිළිබිඹු කරනු ඇත.1873 තරම් ඈත කාලයක සිංහරාජ වනාන්තරයේ වැවිලි කර්මාන්තයට ඇති ඉඩකඩ සොයා බැලීමට ගිය “ජෙම්ස්ගන්” නැමැති ඉංග්‍රීසි ජාතිකයා ජනතාවගෙන් අසා දැනගත් ප්‍රවාදයක් ලෙස දක්වා ඇත්තේ එක්තරා රජ කුමරියක මෙම වනාන්තරයේ ජීවත් වු සිංහරාජයෙකු හා පෙම් බැදීමෙන් ජාතියේ ආරම්භයත් මෙහි දී සිදු වු බවකි. මෙය හුදෙක් විජය පරපුරේ ආරම්භය පිළීබද කතා පුවත යලි පණ ගැන්වීමක් පමණි.එහෙත් එහි වැදගත් කම වන්නේ අදාල ප්‍රවෘත්තියට සම්බන්ධ සිංහ රාජයෙකුගේ රාජධානියක් වීමට තරම් මහානුභාව සම්පන්න තැනක් ලෙස සිංහරාජය ඔවුන් දැන සිටි බවයි.දෙවැනි ප්‍රවාදය ජේ.ඒ. විලී පෙරේරා නැමැත්තෙකු විසින් 1943 පමණ දී ජනතාවගෙන් අසා දැන ගෙන “ලොරිස්” නම් සගරාවට ලියන ලද ලිපියකින් ප්‍රචලිත වුවකි. එම ප්‍රවාදය අනුව මෙම වනාන්තරයේ මහා තෙදබල ඇති සිංහරාජයෙකු විසීය.ඌගේ ගුහාව පැවතියේ අදත් සිංහගල නමින් හදුන්වන පර්වතය මුදුනේය.මිනිසුන්ට කෙතරම් බිය ගෙන දෙන සුළු වුවාදයත් ඌගේ තෙද බල පරාක්‍රමය ගැන දත් මිනිස්සු වනාන්තරය ඇතුලට නොගියහ.එහෙත් යම් කිසි අවස්ථාවක මිනිසුන්ගේ රැකවරණයට පැමිණි යෝධයෙකු විසින් ගල් ගසා සිංහයා මරා දමන ලදී.එදා යෝධයා විසින් සිංහයා මැරීමට ගල් ගැසු ස්ථානය අදත් “යෝධ ගල්ගොඩ”නමින් හැදින්වේ.මෙම කථා පුවත් දෙකටම සිංහයෙකු මුල් වී ඇත. පසු කාලීනව ආචාර්යය පී.ඊ.පී. දැරණීයගල ශූරීන් විසින් කරන ලද ප්‍රාග්ඓතිහාසික ගවේෂණවලින් ආදි කාලයෙහි මෙය සිංහයන්ගේ වාස භුමියක් වී තිබුණ බවට මත පල කොට තිබීමෙන් නමේ ප්‍රභවය ගැන මෙන්ම මහා හිමය පිළිබද ජනතාව තුළ තිබු දැනුම ගැන ද අපට සිතා ගත හැකි වනු ඇත

.සිංහරාජය පිළිබද ඉතිහාසය විමසීමේ දී අපට හමුවන ප්‍රථම සටහන ඇත්තේ දහහතරවැනි සියවසට අයත් ඉබන් බතූතාගේ ගමන් විස්තරයේය.

01) සිංහරාජයේ වන සිවුපාවන් හා ස්වභාවික සුන්දරත්වය —>

ඊට අයිදැයි අප විසින් සැක දුරු කර ගත යුතුය. හෙළයේ අතීත පාළකයන්ගේ සිට පොදු ජනතාව දක්වා සියලු දෙනා ස්වභාවධර්මයාගේ දායාදයන් කෙතරම් ආදරයෙන් ඇල්මෙන් රැක බලා ගත්තාදැයි කිවහොත් සමහර වනාන්තර ගහ කොළ තහනම් දෑ බවට රජු විසින්ම ප්‍රකාශයට පත් කොට තිබුණු බවට ඉතිහාසයේ එයි.ඒ, ඒවායේ ආරක්ෂාව සදහාමය.1959 පළ කළ ” ලංකා ඉතිහාසය’නම් කෘතියේ සදහන් මෙම පාඨය කදිම සාක්ෂියකි.”පසුගිය වසර දෙදහසක කාළයක් තුළ වන දිවිය ආරක්ෂා කිරීමෙහි ලා අද්වීතිය ඉතිහාසයක් ලංකාවට ඇත. ක්‍රිස්තුපුර්ව තුන්වැනි සියවසයේ සිට ක්‍රි.ව.18වන සියවස දක්වාම සිහසුන අරාගත් බෞද්ධ වු පාලකයින් වනසතුන් පක්ෂීන් හා මත්ස්‍යයින් ආරක්ෂා කිරීම සිය ආගමික හා රාජකීයමය වගකීම ඉටුකිරීමක් ලෙස සැලකූ බව වංස කථා සය සෙල්ලිපි ගණනාවකම වාර්තා කොට ඇත.දොලොස්වන සියවසේදී අනුරාධපුර අවට ප්‍රදේශ හා සුවිශාල වැව් ද අභය භුමි ලෙස නම් කෙරෙණි.මේ වන දිවි සුරැකීමේ තැන කෙතරම් කාර්යක්ෂම හා යථාර්ථවාදී වුයේ ද යත් යුරෝපීයන්ගේ පැමිණිම දක්වා ම සිරිලක වන හා සත්ත්ව සම්පත වි

විනාශයට ලක් නොවීය “(History of Ceylon,p 27)මේ අනුව ආරක්ෂිත වනාන්තරය අභය භූමිය ආදියේ කිසිදු මිනිස් ක්‍රියාකාරකම් නොසිදු වු බැවින් ඉතිහාසයේ කිසිවක් සදහන් කිරීමේ අවශ්‍යතාවක් පැන නොනැගුණ බව පෙනී යා යුතුය .සිංහරාජයද එවැන්නක් නොවී යයි කාට කිව හැකිද?

ලෝක උරමයක් වු සිංහරාජය

සබරගමුව‍ට හෝ ශ්‍රී ලංකාවට හෝ පමණක් නොව සමස්ථ විශ්ව ප්‍රජාව ම ආඩම්බරයක් වන ලෝක උරුමයක් තම භුමිය තුල රැක ගැනීමට තරම් දුර්ලබ වාසනාවක් හිමිසබරගමුව සිය අනන්‍යතා සම්පතක් ලෙස සිංහරාජය සැලකීම විය යුත්තක් සිදුවිය යුතු සේම සිදුවීමකි.ඊට හේතු සාධක අපමණය.එහි යුක්ති සහගත බව

පැහැදිලිය.එසේම සිංහරාජය පිළිබද ව විද්‍යත්මකව සෞන්දර්යාත්මකව,ආශ්වාද ජනකව මෙන්ම ප්‍රේමෝන්මාදයන් එමට කතා කොටඇත.ලියා ඇත .පල කොට ඇත.විද්‍යුත් වාර්ථා නිපදවා ඇත.සම්මන්ත්‍රණ වැඩමුළු චාරිකා එමට පවත්වා ඇත.එසේ උවත් සිංහරාජය වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉටු ඇද්ද?සබරගමුවේ සම්පතක් ලෙස රටට ලොවට දායාද කරන නමුදු නා රදෙකු විසින් රකිනා මැණිකක් තරමට තබා ,උණ හපුලුවෙකු විසින් රකිනා උගේ පැටියෙකු පමණට ඇගයීමක් ,සිංහරාජය වෙනුවෙන් ඉටු කොට අද්දැයි සොයා බැලීමට කාලය කාලය එලඹී ඇත.සිංහරාජය පිළිබද මෙම ඇගයීම ඒ සදහා පෙර හුරුවක් ලෙස සලකමු.සබරගමුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ බටහිර මායිමේ මහා යෝධයෙකු සේ සිංහරාජ කදු වැටිය ප්‍රතාපවත් ලෙස නැගී සිටින්නේ සත් සමුදුරෙන් එහා සිට බටහිරින් එන සියලු ගැහැට කරදර බලපෑම් විනාශයන්ගෙන් සබරගමුව රැක ගන්නා බව නිගඩව කියාපාන්නක් මෙනි.එය නිකම්ම කදු වැටියක් නොවේ කදුවනන්තර අතර වන රාජයකි.”ශ්‍රි ලංකාවේ සියලුම වනාන්තර අතර අඩුවෙන් ම මිනිස් පහස ලබා ඇති වනාන්තරය සිංහරාජයයි.ශාක හා සත්තව පරිණාමයේ මුල්අවදිවල පටන්ම නොකඩවා නොඉදුල්ව වැඩුණු මේ වනාන්තරය සිරිලක් මාතාව සිය දු පුතුන‍ට දායාදකලා වු අගනාම දායාද අතුරින් එකකි.(කල්පනා 1987ජනවාරි පි 5)ලක් මාතාව සිය දු පුතුනට අගනාම දෑ දායාද කීරීමට සබරගමුවම තෝරාගත් සැටියක් පෙනෙන්නේ සිංහරාජයට අමතරව අනෙක් පැත්තෙන් නැගෙනහිර මායිමේ සම්බුදු සිරිපා සටහන හිස මුදුනේ තබාගත් සමනළ කදු වැටියද නිසයි.ඒ කදුවැටි දෙක අතර මැද නන් ආකරයේ මැණික් වලින් පිරුණු රත්න ආකරයකි.කදු වැටිවලින් ගලා හැලෙන මනහර දිය ඇලිය.වන ගොමුව නිවහන කොට ගත් අපටම ආවේණික සතා සිව්පාවුන්ය.ගහ කොල පැළෑටිය.ඒ අතර සම්මා සම්බුදු තෙමගුළට පුජෝපහාර සදහාම දෝ මෙහි පමණක් පිපෙන වෙසක් මල්ය.සිංහරාජය යනු මේ සියල්ල අපි වෙනුවෙන් සියලුම ලෝසත වෙනුවෙන් රැක බලා ගන්නා අසම සම ගුණයෙන් හෙබි රැකවලාය,පෝෂකයාය.සිංහරාජයේවිද්‍යාත්මක ආර්ථීක පාරසරික මෙන්ම ජාතික වැදගත්කම නිසි ලෙස අවබෝධ කොට ගැනීමට නම් එහි අන්තර්ගත ගුණාත්මක අගය හෝ ඉතිහාසය හෝ සම්පත්මය අගය හෝ ආදී වශයෙන් එක් පැතිකඩක් පමණක් ගැන දැනුවත්වී පලක් නොමැති බව අවධාරණය කළ යුතුය .එය මේ සියල්ලගෙන් සමන්විත සමස්ථයකි.එය කොටස් කල කල්හි ඒ ඒ කොටස් පමණක් නොව සමස්ථයම විනාශ වී යාම නොවැලැක්විය හැකිය . එක් එක් පැතිකඩ වෙන වෙන ම ගෙන එය අවබෝධ කොට ගැනීමද කල නොහැකිය මෑත කාලයේ සිට මෙහි ඇති ආර්ථීකමය වටිනා සම්පත් රටට ලබා දිය යුතු යයි ඝෝශා කොට පාරවල් කපා යන්ත්‍ර සුත්‍ර යොදවා මුග්ධ පිරිස් විසින් සිංයරාජයට කරන ලද විනාශය ඊට කදිම නිදසුනකි.එයින්ද පාඩම් ඉගෙන නොගෙන දැන් දැන් ‍එය පිටරටුන්ට පැවරීමට දරන උත්සහයත් ඊටත් වඩා බරපතල අපරාධයකි. ඉන්පසු වත්ත බද්ද‍ට දී ඇස්සට දත නියවාගෙන බලා සීටීමට අපට සිදුවනවා නියතය එහෙයින් එවන් මෝඩ ක්‍රියාවන් දේශපාලන ක්‍රීඩා වශයෙන් හෝ ආත්මාර්ථකාමී බඩවඩා ගැනීම් වශයෙන් හෝ මතුවට සිදු නොවීමට නම් සිංහරාජය පිළිබද සියලු පැතිකඩයන් එක පමණින් පෙන්වන දැනුම් සමස්ථ ජනතාව වෙතම ලබාදිය යුතුව ඇත.සිංහරාජය නිවර්තන සදාහරිත වැසි වනන්තරයක් Tropical Evergreen Rain Forest ලෙසින් හදුනා ගැනීමෙන් අද එය ලෝක උරුමයක් ලෙස අද්විතීය වටිනාකමකින් යුක්තයයි පිළිගැනීමට භාජනය වී ඇත.”නිවර්තන කලාප”යයි අප විශේෂ කොට හදුන්වන ප්‍රදේශ අනෙක්වායින් වෙන් වන්නේ කෙසේදැයි අවබෝධ කොට ගැනීමෙන් ඒවායේ වටිනා කම ගැන මැන ගැනීමට හැකිවනු ඇත.නිවර්තන ප්‍රදේශයක් අධික වර්ෂාව අධික උෂ්ණත්වය සහ අධික සුර්යාලෝකය නිසා අනෙක් ඒවායින් සුවිශේෂ වේ .මේ සියල්ලම වැසිවනාන්කර පෝෂණයට ඉතා හිතකර සාධක වීමයි. එහි ඇති විශේෂත්වය එවන් වනාන්තරයක දක්නට ලැබෙන් ශාක ,සත්ත්ව වශයෙන් ජීවී ලෝකය අතිශයින් විශාල හෙයින් නිවර්ථන වැසි වනාන්තර ලෝකයේ වැදගත්ම සාරවත්ම පොහොසත්මපරිසර පද්ධති වශයෙන් විශේෂ ආරක්ෂාවට සැළකිල්ලට හා පර්යේෂණයට ලක් වේ.නිවර්තන වර්ෂා වනාන්තර (Tropical Rain Forest)යන නාමය හදුන්වාදීමේ ගෞරවය හිමි ඒ.ඇස්.ඩබ්ලිව්.ස්කිම්පර් නැමැති උද්භිද විද්‍යාඥයාගේ විග්‍රහයට අනුව නිවර්ථන වැසි වනාන්තර වලට අයත් වන්නේ සදාහරිත අවම උස මීටර් 30ක් ගස් ඇති ගස් මුදුන දක්වා ඇදෙන ආරෝහක මෙන්ම අපිශාක විශේෂය

න් ගෙන් පොහොසත් වනාන්තරයන්ය.මෙහිදී සදාහරිත ලෙස සැලකෙන්නේ ශීත සෘතුවේදී හෝ‍ කොළ වැටීමක් නැති අවුරුද්ද පුරා කොළ පැහැයෙන් යුක්තව පවතින ගහ කොළ පද්ධතියයි.නිවර්තන වනාන්තර යනු ලෝකයේ විවිධ නම් වලින් හදුන්වන වනාන්තර අතුරින් එක් වනාන්තර වි‍ශේෂයකි.එය නිරක්ෂයට ආසන්නව ඊට දෙපස ඇති සුවිශේෂී

ලක්ෂණ සහිත වනාන්තර විශේෂයයි.සිංහරාජද එවැන්නකි . ලෝකයේ හැමටම එවන් උරුමයන්හිමිව නැති විට අපේ මේ දුර්ලබ සම්පත රැක ගැනීම අප සතු මහා වගකීමක් වනු ඇත.

01)සිංහරාජයේ ආවේණීක බාදුරා

02) සිංහරාජයට ආවේණික නවදගහ03) සිංහරාජයෙහි සත්තව විශේෂ

පක්ෂීන්

මල් වර්ග


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: